රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
මාතලේ රෝගි සත්කාරක සේවයක් ආරම්භ වේ
- විස්තර
- ලියන ලද්දේ Matale Admin
- ප්‍රවර්ගය: නවතම පුවත්
රෝහල්වල රෝගි සත්කාරක සේවාවන් සපයන්නන් පුහුණු කිරිමේ තෙදින වැඩමුළුවක් මාතලේ මහ රෝහලේ පැවැත් විය. වර්තමානයේ රෝගි සත්කාරක සේවාවන් සදහා විශාල ඉල්ලුමක් පවතින හෙයින් ඒ සදහා යොමු වන පිරිස් සදහා විධිමත් පුහුණුවක් ලබාදිමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මාතලේ මහ රෝහල එක්ව මෙම පුහුණු වැඩ මුළුව පැවැත්විය. තෙදිනක් පුරා පැවැති මෙම පුහුණු වැඩමුළුවට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වීම විශේෂත්වයකි. පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය මාතලේ මහ රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සපයන ලදී.
පුහුණුව ලද කණ්ඩායම විසිර යාමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, සහකාර දිස්ත්‍රික් ලේකම් මාධවි හිදගොඩ යන මහත්ම මහත්මින් හා මාතලේ මහ රෝහලේ නිලධාරිනියන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරිනි ඇතුළු පිරිසක් සහභාගි විය.
Page 2 of 2












