ආයතන අංශය
| අතිරේක දිස්ත්‍රික් ලේකම් | සහකාර දිස්ත්‍රික් ලේකම් | පරිපාලන නිලධාරි | |||
![]() |
|
![]() |
රේණුකා බුලනවැව මහත්මිය |
|
ඒ.ජී.එස්.පී.හුණුකුඹුර මහත්මිය
|
අංශයේ කාර්ය භාරයන්
දිස්ත්‍රික් ලේකම් යටතේ සේවය කරන නිලධාරීන්ගේ පරිපාලන රාජකාරි ඉටු කරයි. පහත සඳහන් රාජකාරි ද මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
- නව පත්වීම්
- සේවා දිගු
- සේවා විශ්රාම ගැනීම
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් තුළ අභ්‍යන්තර ස්ථාන මාරුවීම්
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග
- නීතිවේදීන්ගේ ලැයිස්තුව සකස් කිරීම
- නිලධාරීන් සඳහා පුහුණු කටයුතු
- නිවාඩු දුම්රිය වරෙන්තු නිකුත් කිරීම
- නිලධාරීන් සඳහා ණය පහසුකම් නිකුත් කිරීම
- දේපල ණය
- වාහන ණය
- ආපදා ණය
- බයිසිකල් ණය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ ක්‍රියාමාර්ග
- මාණ්ඩලික නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගතිය සහ ප්‍රගති වැඩසටහන
- සිංහල - ඉංග්‍රීසි (ප්‍රතිවිරුද්ධව) ආයතනයේ පරිවර්තන ක්‍රියාකාරකම්/ * බාහිර ආයතන (ඉල්ලුවහොත්)
මෙම ශාඛාවේ විෂය පථය යටතේ ආයතනික රාජකාරිවලට අමතරව පහත ක්ෂේත්‍ර ද ක්‍රියාත්මක වේ
- ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාගේ පරිපාලනය සහ අධීක්ෂණය
- බෞද්ධ හා සංස්කෘතික කටයුතු, (වෙසක් සහ පොසොන් උත්සව සංවිධානය කිරීම/අලුවිහාරයේ පෙරහැර කටයුතු සඳහා ආධාර සැපයීම සහ ශ්‍රී මුත්තුමාරියම්මන් හින්දු සිද්ධස්ථානයේ වාර්ෂික තේරු උත්සවය)
- ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 හි අධීක්ෂණය
- සමාජ සේවා
- ආපදා කළමනාකරණය.(ගංවතුර, නියඟය, සුනාමි)
- මැතිවරණ කටයුතු
- නිලධාරීන් සඳහා පුහුණු කටයුතු
- රාජ්යයේ උත්සව කටයුතු සඳහා සහභාගීත්වය සහ දායකත්වය
- ග්‍රාම නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරි සහ විනය කටයුතු
- උපාධිධාරී අභ්‍යාසලාභීන් පත් කිරීම
ගිණුම් අංශය
| ප්‍රධාන ගණකාධිකාරී | ගණකාධිකාරී | ||
![]() |
එම්.ඒ.පී.මිලජිත් මහතා |
![]() |
අයි.ජී. ජානක සුමනසිරි මහතා
|
අංශයේ කාර්ය භාරයන්
- විශ්‍රාම වැටුප් කටයුතු.
- ගෙවිම් කටයුතු.
- සරප් කටයුතු.
- නිලබැංකු ගිණුම් පවත්වාගෙන යෑම.
- ආදායම් එකතු කිරිම.
- වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරිම.
- අවසාන ගිණුම සකස් කිරිම.
- ප්‍රසම්පාදන කටයුතු.
- මිළදි ගැනීමේ කටයුතු.
- ගබඩා කටයුතු.
- ප්‍රතිපාදන බෙදා හැරිමේ කටයුතු.
- අක් මුදල් බෙදාහැරිම.
- වැටුප් සකස් කිරිම.
- ණය අත්තිකාරම් කටයුතු.
- වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරිම.
- විගණන විමසුම් වලට පිළිතුරු ඉදිරිපත් කිරිම.
- මාසික ලැබිම් ගෙවිම් විස්තර භාණ්ඩාගාරය වෙත වාර්තා.
- වත්කම් ගිණුම් ගත කිරිම.
2024 වාර්ශික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත්කිරීම පිණිස නිලධාරීන්ගේ තොරතුරු ලබාගැනීම
සැලසුම් අංශය
| අධ්‍යක්ෂ (සැලසුම්) | |
![]() |
අයි.එච්.අනුරුද්ධ බන්ඩාර මහතා
|
- දිස්ත්‍රික් සැලසුම් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.
- වාර්ෂික සංවර්ධන සැලැස්ම
- වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම
- දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම
- දිස්ත්‍රික් මධ්‍ය කාලීන සැලැස්ම
-
දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්.
-
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
- විමධ්‍යගත අයවැය වැඩසටහන.
- යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන
- ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය.
- ලෝක ආහාර වැඩසටහන.
-
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
-
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන.
- විවිධ රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ අනුමත සංවර්ධන වැඩසටහන්.
- ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය/ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන - කාන්තා, ළමා, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
- දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්.
-
වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන.
-
පෝෂණ වැඩසටහන.
-
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන.
-
-
ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් හා ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරීම .
-
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම්, එල්ලෙන පාලම් හා නිවාස සංවර්ධන වැඩසටහන්.
- කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
- ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්.
- මාතලේ දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂණ කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන.
-
මාතලේ නගර සංවර්ධන සැලැස්ම.
- විදුලි වැට හා ජීව වැට ඉදිකිරීමේ වැඩසටහන
-
දිස්ත්‍රික් කමිටු රැස්වීම්.
-
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව
-
සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම්
-
මිල නියම කිරීමේ කමිටුව
-
වකුගඩු රෝග නිවාරණ කමිටුව
-
ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටුව
-
මත්ද්‍රව්‍ය කමිටුව
-
වනජීවී ගැටළු නිරාකරණ රැස්වීම
- මාතලේ නගර සංවර්ධන කමිටුව
-
-
දිස්ත්‍රික්කයේ දත්ත පද්ධතිය නඩත්තු කිරීම.
-
දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරිය.
- සම්පත් පැතිකඩ.
-
- දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයීය දෛනික පරිපාලනය හා මූල්‍ය කළමනාකරණය
ඉන්ජිනේරු අංශය
| ප්‍රධාන දිස්ත්‍රික් ඉංජිනේරු | |
![]() |
කේ.පි.බි. පල්ලේකුඹුර මහතා
|
අංශයේ කාර්ය භාරයන්
- දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ප්‍රාග්ධන ආයෝජනයන්ට අදාළ, සියලුම ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරන සියලු ඉදිකිරීම් ව්‍යාපෘති අධීක්ෂණය, උපදේශනය හා මග පෙන්වීම.
- ව්‍යුහාත්මක සැකසුම් සකස් කිරීම හා ඇස්තමේන්තු සැකසීම.
- ඉදිකිරීම් සම්බන්ධ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු කටයුතු සිදුකිරීම.
- කොන්ක්‍රීට් ඉදිකිරීම් සම්බන්ධ තත්ත්ව පරීක්ෂණයන් සිදුකිරීම හා ඊට අදාළ වාර්තා නිකුත් කිරීම.
- ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA), කොන්ත්‍රාත්කරුවන් නව ලියාපදිංචි කිරීම් සිදුකිරීම් හා වාර්ෂිකව නැවත ලියාපදිංචිය අළුත් කිරීම් සිදුකිරීම.
විගණන අංශය
| ප්‍රධාන අභ්‍යන්තර විගණක | |
![]() |
|
දැක්ම
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව යහපත් රාජ්‍යෙස්වයක් සදහා කැපවිම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව කටයුතු කිරිමේ දි වැරදි හා වංචා වැලැක් විමට සහ ඒවා අනාවරණය කර ගැනිමට යොදා ඇති අභ්‍යන්තර පාලනය හි ප්‍රමානවත් බව හා විදිමත් බව සදහා අවශ්‍ය මාර්ගෝපදේශ ආයතන ප්‍රධානින් හට නිර්දේශ කර වාර්තා කිරිම.
අංශයේ කාර්ය භාරයන්
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පවතින ආයතනවල අභ්‍යන්තර විගණන කටයුතු ඉටුකිරීමේදී මු.රෙ. 133අනුව කටයුතු කිරිම
- වරදි හා වංචා වැලැක්විම සදහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය,සැලැස්ම අතින් මෙන්ම තත්්‍ය ක්‍රියාකාරිත්වය අතින් සාර්ථකදැයි සොයා බැලිම.
- ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදා ගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයෙන්නේදැයි සොයා බැලීම.
- ආයතනයේ කාර්ය මණ්ඩලයට පවරාදී ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකභාවය ඇගයීම.
- /ආයතනය සතු වත්කම්, සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
- රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යංශය විසින් සහ මහා භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ හා වෙනත් පරිපූරක උපදෙස්ද, පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
- නාස්තිය, නිෂ්කාර්ය සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම, ඒවා අනාවරණය කර ගැනීමට යොදාගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයේ ප්‍රමාණාත්මකභාවය සොයා බැලීම.
- ආයතනයේ ගිණුම් පරිපාටිය සහ කිසියම් මුදල් වැය වීමකට තුඩු දෙන එකී මෙහෙයුම් පරීක්ෂා කිරීම සහ දෙපාර්තමේන්තුවේ දේපළ හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.
- අවශ්‍ය අවස්ථාවන්වලදී විශේෂ විමර්ශන පැවැත්වීම.
- ඵලදායී කාර්ය සාධනයක් සඳහා පද්ධති විශ්ලේෂණය හා කාර්ය සාධන විශ්ලේෂණය කිරීම.
- කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වරින්වර නිකුත් කරනු ලබන උපදෙස් හා මගපෙන්වීම් අනුව ක්‍රියාකිරීමත්, ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමත්, එම රැස්වීම්වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කිරීමත් මෙම අංශයට පැවරී ඇති තවත් කාර්යයකි.
ආපදා කළමනාකරනණ අංශය
| නියෝජ්ය අධ්‍යක්‍ෂ (ආපදා කළමනාකරණ) | |
![]() |
චමින්ද අමරවීර මහතා
|
අංශයේ කාර්ය භාරයන්
- ආපදා කළමනාකරණ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- ආපදා කළමනාකරණය
- ප්‍රථමාධාර
- ජිවිතාරක්‍ෂ
- පිහිණුම්
- බෝට්ටු පැදවීම
- බැහැරගත ක්‍රියාශිලි නායකත්ව පුහුණු
- සෙවිම් සහ බේරා ගැනීම්
- කඳවුරු කළමනාකරණය
- ගිනි නිවීම් පුහුණු
- ආපදා කළමනාකරණ පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සකස් කිරීම.
- දිස්ත්‍රික් මට්ටමේ සැලසුම්
- ප්‍රාදේශිය මට්ටමේ සැලසුම්
- ග්‍රාම නිලධාරී මට්ටමේ සැලසුම්
- පාසල් පෙර සුදානම් සැලසුම්
- ආයතනික පෙර සුදානම් සැලසුම්
- රෝහල් පෙර සුදානම් සැලසුම්
- ග්‍රාමීය, පාසල් හා රෝහල් ආපදා පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අනතුරු ඇඟවීම පතුරුවාලීම සහ ආපදාවට ගොදුරුවන ස්ථානවල පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාකාරකම්.
- ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- හදිසි අවස්ථා මෙහෙයුම් ප්‍රතිචාර කටයුතු සියළුම ආයතන ඒකාබද්ධව සිදු කිරීම.
- ආපදා කළමනාකරණ තොරතුරු ලබාදීම.
- ආපදා සහන කටයුතු සම්බන්ධිකරණය කිරීම.
- පශ්චාත් ආපදා කටයුතු කළමනාකරණ කටයුතු
- ආපදා සම්බන්ධ මහජන පැමිණිලි පරීක්ෂා කිරීම් හා අදාල ආයතන සම්බන්ධිකරණයෙන් විසදුම් ලබා දීම.
- නායයෑම් අවදානම් ස්ථාන සඳහා භු සමීක්‍ෂණ ලබාගැනීම සඳහා සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය කිරීම.
කෘෂිකර්ම අංශය
| දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ | |
![]() |
එම්.පී.කේ. දොඩන්වල මහතා
|
දැක්ම
දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලාවීම තුලින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂිරක්ෂණ ආයතනය වීම
මෙහෙවර
කෘෂිකාර්මික රක්ෂණය සහ ආරක්ෂණය සැලසීම සඳහා සාමූහික ප්‍රයත්නයන් හා අදාල ආයතන සම්බන්ධීකරණය තුලින් ජාත්‍යන්තරව පිළිගත හැකි විශිෂ්ඨ සේවාවක් සැපයීම
අංශයේ කාර්ය භාරයන්
- දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු පැවැත්විම - දිස්ත්‍රික්කයේ කෘෂිකර්මයට අදාළ නිලධාරින් හා ගොවි සංවිධාන නියෝජිතයින් එකම ස්ථානයකට රැස්ව කෘෂිකාර්මික ගැටලු සාකච්ජා කර විසදුම් ලබා ගැනිමට කටයුතු කිරිම හා කෘසිකාර්මික ආයතනවල ප්‍රගතිය සාකච්ජා කිරිම දිස්ත්‍රික් ලෙකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිම.
- දිස්ත්‍රික්කයේ ප්‍රධාන කෘෂිකර්මික අංශ (වී. එලවඵ අතිරේක ආහාර බොග නිෂ්පාදනයට අදාළ) සම්බන්ධිකණය කර ගනිමින් දිස්ත්‍රක්කය සදහා ඉදිරි මහ හා යල කන්න සදහා බෝග වගා සැලැස්ම සකස් කර කෘසිකර්ම අමාතංශය වෙත යොමු කිරිම.
- දිස්ත්‍රික් කෘසිකර්ම ක්ෂේත්‍රයට අදාළ දත්ත එක්රැස් කිරිම.
- දිස්ත්‍රික්කය තුල වගා බිම් ආශ්‍රිතව පවතින ගැටඵ විමර්ෂණය කිරිම හා එම ගැටඵ විසදිම සදහා අදාළ ආයතන සම්බ්න්ධිකරණය කිරිම.
- දිස්ත්‍රික්කය තුල පවතින කෘෂිකාර්මික ගැටඵ විසදිම සදහා ව්‍යිපෘති යෝජනා සකස් කර කෘෂිකර්ම අමාත්‍යංශයන් සහ වෙනත් ආයතනවලින් ප්‍රතිපාදන ලබාගෙන අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම.
- දිස්ත්‍රික් වාරිමාර්ග යෝජනා නුම ආශ්‍රිතව පැවැක්වන කන්න රැස්විමට සහභාගිවිස සහා අවශ්‍ය අවස්ථාවලදි කෘෂිකර්ම අමාත්‍යංශය හා අදාළ ආයතන දැනුවත් නර ගැටඵ විසදා ගැනිම සදහා ක්‍රියාමාර්ග ගැනිම.
- වී ඇතුඵ අනෙකුත් ආහාර බෝග අවශතාවය අනුව මිලදි ගඅනිමට දිස්ත්‍රික් ලේකම් වෙත අවශ්‍ය සහයෝගය ලබා දිම.
- ආපදා තත්වයන්හිදි වගාවන්ට සිදු වන හානි ආධාර හා සහන ලබා දිමට දිස්ත්‍රික් ලේකම්ට සහාය විම.
සංඛ්‍යා ලේඛන අංශය
| සංඛ්‍යා ලේඛනඥ | |
![]() |
එම්.ඊ.අබේකෝන් මිය
|
අංශයේ කාර්ය භාරයන්
- ජන සංගණනය සිදු කිරිම - වසර 10 කට වරක්
- දිස්ත්‍රික් සංඛ්‍යාත අත්පොත සකස් කිරිම
- වී අස්වැන්න ඇස්මේන්තු කිරිමේ සමිෂණය
- ගොඩ ගොවිතැන් සංඛ්‍යාලේඛන
- සත්ත්ව පාලන සංඛ්‍යාලේඛන
- වී සංඛ්‍යාලේඛන
- ලොකුඵෑණු නිෂ්පාදනය ඇස්තමේන්කු කිරිමේ සමික්ෂණය
- ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
- වාර්ෂික කර්මාන්ත ඉදිකිරිම් හා සේවා පිළිබද සමික්ෂණය
- ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදන පිළිබද සමික්ෂණය
- කපා හෙලන ලද දැව කදන් පිළිබද සමික්ෂණය
- පොල් නිෂ්පාදන ඇස්තමේන්තු කිරිමේ සමික්ෂණය
- මීට අමතරව දේපාර්තමේන්තුව විසින් කාලිනව සහ වර්ෂ 03 කට වරක් ආදි ලෙස සිදු කරන ලබන සමික්ෂණය
පුපුරන ද්‍රව්‍ය අංශය
| සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක | |
![]() |
ඩබ්.එම්.ඒ.ඩබ්.ආර්.කේ. වීරසේකර මහතා |
අංශයේ කාර්ය භාරයන්
- පුපුරණ ද්‍රව්‍ය පනත හා ඒ හා සම්බන්ධ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාර්යයන්
- ගිනිඅවි ආඥා පනත හා ඒ හා සම්බන්ධ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාර්යයන්
1. පුපුරණ ද්‍රව්‍ය පනත සම්බන්ධ කාර්යයන්
1.1 පුපුරණ ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම.
1.1.1 ගල් පිපිරවීම් (කැණීම් කාර්යයන්) සඳහා
වාණිජමය කාර්යයන්
- කළුගල්/ ඩොලමයිට්/ මිනිරන් / ක්වාර්ට්ස් ව්‍යාපාර
ව්‍යාපෘති හා වාණිජමය නොවන කාර්යයන්
- ළිං/ ගෙපල් ආදිය සඳහා
- රාජ්‍ය/ අර්ධ රාජ්‍ය ආයතන මඟින් සිදු කරන ව්‍යාපෘති
1.1.2 ගල් පිපිරවීමක් නොවන (කැණීම් නොවන) කාර්යයන් සඳහා
- ගනිපෙට්ටි නිෂ්පාදනය සඳහා ආයුර්වේද/ දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා මදුරු දඟර නිෂ්පාදනය සඳහා
1.2. පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම.
- පුපුරණ ද්‍රව්‍ය, ගිනිකෙළි භාණ්ඩ හා රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා
- පුපුරණ ද්‍රව්‍ය, ගිනිකෙළි භාණ්ඩ හා රතිඤ්ඤා විකිණීම/ සැපයීම සඳහා
- පුපුරණ ද්‍රව්‍ය ආනයනය/ අපනයනය කිරීම සඳහා
2.ගිනි අවි ආඥා පනත සම්බන්ධ කාර්යයන්
2.1 කෘෂිකාර්මික කටයුතු සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම
- වගා ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම
- වාර්ෂිකව ගිනිඅවි බලපත්‍ර අළුත් කිරීම
- ගිනිඅවි පැවරීම් කටයුතු
- තක්සේරු කරන ලද ගිනිඅවි විකිණීම
- පතරොම් නිකුත් කිරීම
2.2 කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම
- රාජ්‍ය ආයතන/ අර්ධ රාජ්‍ය ආයතන සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම හා වාර්ෂිකව බලපත්‍ර අළුත් කිරීම
සමෘද්ධි අංශය
| දිස්ත්‍රික් සමෘද්ධී අධ්‍යක්ෂ | |
![]() |
බී.එම්.සී.එච්. කුමාරිහාමි මිය
|
අංශයේ කාර්ය භාරයන්
|
සහනාධාර හා සමාජ ආරක්ෂණ |
සමෘද්ධි සහනාධාර |
|
|
සමාජ ආරක්ෂණ |
|
|
|
අලෙවි, ජීවනෝපාය සංවර්ධන,සමාජ සංවර්ධන හා ප්‍රගති |
අලෙවි අංශය |
|
|
ජීවනෝපාය සංවර්ධන අංශය |
|
|
|
සමාජ සංවර්ධන අංශය |
|
|
|
ප්‍රගති අංශය |
|
|
|
ආයතන අංශය |
විශ්‍රාම වැටුප් අංශය |
|
|
විමර්ශන අංශය |
|
|
|
බැංකු/අධික්ෂණ/ප්‍රජාමූල අංශය |
බැංකු අංශය |
|
|
අධීක්ෂණ අංශය |
|
|
|
ප්‍රජාමූල අංශය |
|
|
|
ගිණුම් අංශය |
|
|
|
විගණන අංශය |
|
|
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ
| සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණය) | ||
![]() |
නම | ඒ.අබේවික්‍රම මහතා |
| දුරකතන අංකය | 066 2222310 | |
| ෆැක්ස් | 066 2222310 | |
| විද්‍යුත් තැපැල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
අංශයේ කාර්ය භාරයන්
- දිස්ත්‍රික් හා ප්‍රාදේශිය මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සම්පාදනය
- දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ඉඩම් පරිහරණ සැලසුම් කමිටු පැවැත්වීම.
- දිස්ත්‍රික්කය තුල ඌණ භාවිත ඉඩම් හදුනා ගැනීම හා දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා යාවත්කාලින කිරීම.
- දිස්ත්‍රික්කයේ රජය, රාජ්‍ය ව්‍යාපාර හා වෙනත් ආයතන සතු භාවිතා නොකල ඉඩම් පිළිබද දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම.
- ඉඩම් පරිහරණ සිතියම්කරණය
- දිස්ත්‍රික් කලාපීයකරණ සැලැස්ම සැකසීම.
- විවිධ ආයතන මගින් ලැබෙන ඉල්ලීම් වලට අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සදහා යෝග්‍ය ඉඩම් හදුනා ගැනීම, ඇගයීම හා යෝග්‍යතා වාර්තා ලබා දීම.
- තීරසර ඉඩම් පරිහරණය පිළිබද දැනුවත් කිරීම, වැඩමුළු හා සාකච්ඡා පැවැත්වීම.
- හායනයට පත් ඉඩම් පුනරුත්ථාපනය කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ග්‍රාමීය මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම.
- බීම් කට්ටි මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් ආදර්ශණ ස්ථාපිත කිරීම.
- පස හා ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම .
- උප ජලධාර ප්‍රදේශ පදනම් කර ගෙන ඉඩම් පරිහරණ සැලසුම් සැකසීම.
- තීරසර පාසල් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම..
- ප්‍රාදේශිය ඉඩම් පරිහරණ සැලසුම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාල ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායිතාව ඉහල නැංවීමේ කාර්යයන් හා භෝග කළමනාකරණ වැඩසටහන් දියත් කිරීම.
- ඉඩම් පරිහරණයට අදාල විශේෂ අධ්‍යයනයන් සිදු කිරීම.
සමාජ ආරක්ෂණ අංශය
අංශයේ කාර්ය භාරයන්
|
1 |
බදවා ගැනීම් කටයුතු |
ප්‍රධාන කාර්යාලෙය් සෘජු බදවා ගැනිම් හා සියලුම ප්‍රාදේශිය ෙල්කම් කාර්යාලවල සමාජ ෙස්වා නිලධාරින් ප්‍රමුඛ ක්ෂ්‍රේත්‍ර නිලධාරින් සම්බන්ධ කර බදවා ගැනිම් සිදු කිරීම |
|
2 |
විශ්‍රාම වැටුප් ගෙවිම |
දායක අදාළ වයස සම්පුර්ණ කළ පසු විශ්‍රාම වැටුප් ගෙවිමට අදාල කටයුතු සිදු කිරිම හා ග්‍රාමීය බැංකු සම්බන්ධීකරණය කිරීම |
|
3 |
ඇගයීම |
වර්ෂ අවසාන දිරි දීමනා ගෙවිම් හා නිලධාරි ඇගයීම |
|
4 |
දායකත්ව ප්රතිලාභ |
අාරක්ෂාව හා සුරැකුම් ක්‍රමය යටෙත් ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අ ෙපාස (සා.ෙපළ සමත දරුවන්ට , අෙපාස (උ/ෙපළ ) සමත් දරුවන්ට ප්‍රතිලාභ ලබාදීම |
|
පුර්ණ ප්‍රතිලාභ |
||
|
අර්ධ අබලතා ප්‍රතිලාභ |
||
|
මරණ පාරිතෝෂිත ගෙවීම |
ගෙවල්කුලී මණ්ඩලය
ලේකම් (කළමනාකරණ සේවා නිලධාරී - II)
|
ඩී.එල්.එස්.වනිගතුංග මිය
|
අංශයේ කාර්ය භාරයන්
- අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන මණ්ඩලයක් යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගෙවල් කුලී නඩු විමසීම.
- මාතලේ දිස්ත්‍රික්කය තුළ ගෙහිමියා හා කුලී නිවැසියා ආරක්ෂා කිරීම.
- මාතලේ දිස්ත්‍රික්කය තුළ ඇති 1980 ට පෙර සාදන ලද ගොඩනැගිලි සම්බන්ධයෙන්, 2002 අංක 26 හා 1980 අංක 55 දරන පනත් වලින් සංශෝධිත 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත අනුව කටයුතු කිරීම.
- ගෙවල් කුලී පනතේ විධි විධාන අනුව කුලී නිවැසිභාවය පිළිගැනීමෙන් අනතුරුව.
1. ගොඩනැගිලි අලුත්වැඩියා කර ගැනීමට අවසර ලබා දිම.
2. අදාළ කුලිය තක්සේරු කිරීමෙන් අනතුරුව කුලිය නියම කිරීම.
3. අදාළ පරිපාලන ආයතනය (නගර සභා, ප්‍රාදේශීය සභා) වෙත කුලිය තැම්පත් කිරීමට අවසර ලබා දීම.
4. කුලී නිවැසියා වෙත වාසබදු සහතිකයක් නිකුත් කිරීම. - අදාළ පරිදි නඩු පිටපත් නිකුත් කිරීම.
- දෛනික කාර්යාල කටයුතු පවත්වාගෙන යාම.
රැකියා කේන්ද්‍රය
අංශයේ කාර්ය භාරයන්
- 9 ශ්‍රේණියේ සිට ඉහල වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම
- රැකියා අපේක්ෂිතයින් ලියා පදිංචිය
- පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා රැකියා අපේක්ෂිතයින් යොමු කිරීම
- වෘත්තීය පුහුණු අවස්ථා සඳහා පුහුණු අවශ්‍යතා ඇති අය යොමුකිරීම
- රැකියා අපේක්ෂිතයින් සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් රැකියා පොල
- ප්‍රාදේශීය වශයෙන් හා දිස්ත්‍රික් වශයෙන් වෘත්තීය පුහුණු අවශ්‍යතා ඇති අය සඳහා වෘත්තීය පොල
- ස්වයං රැකියාලාභීන් සඳහා ස්වයං රැකියා පෙළඹවීමේ වැඩසටහන
- ව්‍යවසායකත්වයින් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
- රැකියා අවස්ථා ඇති පෞද්ගලික ආයතන ලියාපදිංචිය හා රැකියා අවස්ථා තොරතුරු ලබාගැනීම
- පාසල් අධ්‍යාපනය හදාරන 9 වසරේ සිට ඉහල දරු දැරියන්ගේ දෙන විෂයන් වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂ්‍ත්‍රයෙන් දැනුවත්කිරීම
- පාසලේ වෘත්තීය මාර්ගෝපදේශන විෂයභාර හා ඊට අදාල රාජකාරි කටයුතු කරන ගුරුවරුන් දැනුවත් කිරීම
- උපාධිධාරීන් දැනුවත් කිරීමේ තෙදින වැඩ මුළුව
- රැකියා අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩ සටහන්
- නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
- අවශ්‍යතා මත පුහුණු වැඩසටහන ( අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවශ්‍යතා මත)
ඉඩම් අංශය
අංශයේ කාර්ය භාරයන්
- ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත, ඉඩම් මැනුම් ආඥා පනත යටතේ වන ඉඩම් සම්බන්ධ මහජන පැමිණිලි සම්බන්ධ කටයුතු.
- වන අලි හා වන්දි ගෙවීම් පිළිබඳ සියලුම රාජකාරී.
- කොස් ගස් 03කට වැඩි, දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා චක්‍රලේඛ අනුකූලව අනුමැතිය ලබාදීම.
- දිස්ත්‍රික් පරිසර කමිටු සම්බන්ධ සියලුම රාජකාරී.
- පරිසර සංවර්ධන කටයුතු ඇතුළු සියලුම පරිසර ගැටළු සම්බන්ධ රාජකාරී.
- රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අදාල සියලුම රාජකාරී කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- E Slims වැඩසටහන සම්බන්ධීකරණය හා පසු විපරම් කිරීම.
- ඉඩම් ගැටළු විසදීම/පසු උරුමය නම් කිරීම ආදී ගැටළු සම්බන්ධ ජංගම සේවා පැවත්වීම.
- රාජ්‍ය ආයතන හා ආයෝජකයින් විසින් කරනු ලබන ඉඩම් ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- කාල ප්‍රමාදයන් ඇති ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
කුඩාව්‍යාපාර අංශය
අංශයේ කාර්ය භාරයන්
දැක්ම
තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය.
මෙහෙවර
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීම.
• ව්‍යවසායක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමට රැකියා විරහිත තරුණයින් දිරිගැන්වීම.
• තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම.
• ව්‍යාපාර කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම.
• ව්‍යාපාර සංවර්ධනය සඳහා අනුග්‍රාහක සේවා සැපයීම.
අරමුණු
• තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම තුළින් "දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතිය" නිර්මාණය කිරීම.
• නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ව්‍යවසායන් ආරම්භ කිරීමට මග පෙන්වීම තුළින් තරුණ තරුණියන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම.
• තරුණ ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම.
• ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම.
- කාර්යාලය මගින් සිදු කරනු ලබන කාර්යයන්
- පුහුණූ වැඩසටහන් පැවැත්වීම.
- ව්‍යාපාර උපදේශනය.
- ව්‍යාපාර පසු විපරම් කිරීම.
- ව්‍යාපාර සංවර්ධනට අදාළ පොත් පත්, සඟරා හා අත්පත්‍රිකා මුද්‍රණය.
- ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් සකස් කිරීම.
- සහය සේවාවන් සැපයීම (මූල්‍ය, තාක්ෂණ, අලෙවි).
- පුහුණුකරුවන් පුහුණු කිරීම.
- ප්‍රධාන ක්‍රියාකාරකම්
- ප්‍රතිලාභීන් හඳුනාගෙන ඔවුන් කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීම.
- විභව ව්‍යවසායකයින් හඳුනාගැනීම, තෝරාගැනීම හා ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා වැඩසටහන් පැවැත්වීම
- ප්‍රතලාභීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම හා ඔවුන්ට යෝග්‍ය පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම
- පුහුණු පාඨමාලා සංවිධානය කිරීම, මෙහෙයවීම හා පැවැත්වීම
- ව්‍යවසායකයින් පිළිබඳ නිරන්තර පසු විපරම් කිරීම
- ව්‍යාපාර උපදේශන හා සහය සේවා සම්බන්ධිකරණය
- ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා සම්බන්ධීකරණය.
- ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සංවර්ධනය, අලෙවි ප්‍රවර්ධනය හා වෙළඳපොළ පුළුල් කරදීමට අදාල වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම.
- කාර්යයන් ඉටුකිරිම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන අංශ
- ව්‍යවසායකත්ව සංවර්ධන අංශය
- තාක්ෂණ හා නවෝත්පාදන අංශය
- අලෙවි සංවර්ධන අංශය
- මූල්‍ය හා සහය සේවා අංශය
- ව්‍යාපාර උපදේශන සේවා අංශය
- පුහුණු වැඩසටහන්
- දැනුවත් කිරීමේ වැඩසටහන්
- ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන්
- කළමණාකරණ සංවර්ධන පුහුණු වැඩසටහන්
- නිෂ්පාදන (භාණ්ඩ/ සේවා) සංවර්ධනය
- ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන්
- ව්‍යාපාර උපදේශනය
සංවර්ධන අංශය
අංශයේ කාර්ය භාරයන්
- දිස්ත්‍රික් විදාතා කටයුතු
- දිස්ත්‍රික් සමාජ සේවා කටයුතු
- වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන කටයුතු
- විදේශ රැකියා ප්‍රවර්ධන කටයුතු
- ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන කටයුතු
- ව්‍යවසාය සංවර්ධන කටයුතු
- රා.නො.සංවිධාන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු
- සම්බන්ධීකාරක ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන්(රා.නො.සං) කටයුතු
- දිස්ත්‍රික්රණවිරු සේවා කටයුතු
- දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිලධාරී (උපදේශන) කටයුතු
- දි.ළමා හිමිකම් ප්‍රවර්ධන කටයුතු
- දිස්ත්‍රික් මුල්ළමාවිය සංවර්ධන කටයුතු
- දිස්ත්‍රික් ළමා ආරක්ෂණ කටයුතු
- දිස්ත්‍රික් මනෝ සමාජීය කටයුතු
- ප්‍රාදේශීය ළමා ආරක්ෂණ කටයුතු
- වනිතා සංවර්ධන කටයුතු
- දිස්ත්‍රික් උපදේශන කටයුතු
- දිස්ත්‍රික් සමථ පුහුණු කටයුතු
- දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු
- දිස්ත්‍රික් සමාජ ආරක්ෂන කටයුතු
- සංවර්ධන නිලධාරි (හින්දු කටයුතු)
- සංවර්ධන නිලධාරි (මුස්ලිම් කටයුතු)
- දිස්ත්‍රික් බෞද්ධ සමායෝජක කටයුතු
- සංචාරක කටයුතු
- මාර්ග අනතුරු වලක්වා ගැනීම පිලිබද කටයුතු
- දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන කටයුතු
- දිස්ත්‍රික් නිවාස කමිටුවේ කටයුතු
- දිස්ත්‍රික්/පළාත් ආරක්ෂණ කටයුතු
- සෞඛ්‍ය හා සුබ සාධන කටයුතු
- සමුපකාර හා පාරිභෝගික කටයුතු
- දේශපාලන හේතූන් මත විවිධ ගැටළුවලට මුහුණදුන් අය හට සහන සැලසීම
- විවිධ වසංගත රෝග සම්බන්ධ කටයුතු
- ජාතික රණවිරු අනුස්මරණ වැඩසටහන්
පුහුණු අංශය
අංශයේ කාර්ය භාරයන්
- කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය සම්බන්ධ කටයුතු.
- මාණ්ඩලික නොවන නිලධාරින්ගේ සම්පත්දායක සංචිතය යාවත්කාලීන කිරීම.
- වාර්ෂික පුහුණු සැලැස්ම සකස් කිරීම.
- පුහුණු වැඩමුළු පැවැත්වීම.
- මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
- මෘදුකාංග නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම.
- මානව සම්පත් සැලැස්ම සකස් කිරීම.
- විදේශ ශිෂ්‍යත්ව පිළිබඳ කටයුතු.
- පශ්චාත් උපාධි සම්බන්ධ කටයුතු.
- ප්‍රායෝගික පුහුණු සම්බන්ධ කටයුතු.
- ගිණුම් කාරක සභාවේ කාර්තු ප්‍රගති වාර්තා සැකසීම.
- බාහිර ආයතන මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සම්බන්ධ කටයුතු.
- LGN ගිණුම් සැදීම හා මුරපද වෙනස් කිරීම.
- විද්‍යුත් තැපැල් ගිණුම් සකස් කිරීම හා මුරපද වෙනස් කිරීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ අන්තර්ජාල පිළිබඳ කටයුතු.
- ස්වයංක්‍රීය තොරතුරු දත්ත පද්ධතිය පිළිබඳ කටයුතු.
- මාර්ග ගත රැස්වීම් සම්බන්ධ කටයුතු.
විමර්ශන අංශය
අංශයේ කාර්ය භාරයන්
- මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිදුවන පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් විසින් කරනු ලබන ඉල්ලීම් මත ඉහළ කළමනාකාරීත්වයේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකර වාර්තා ඉදිරිපත් කිරීම
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් යොමු කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාලවන විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් උපදෙස් පරිදි මූලික විමර්ශන පැවැත්වීම
- මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවන නාස්තිය, දූෂණය හා වංචාව පිළිබඳ මහජන පැමිණිලි චෝදනා පෙත්සම් පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකර වාර්තා කිරීම
- මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ග්‍රාම නිලධාරි කාර්යාලවල හා ග්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් මහජනයාගෙන්, වෙනත් පාර්ශවයන්ගෙන් හා වෘත්තීය සමිති මඟින් ලැබෙන පැමිණිලි පිළිබඳ දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම් අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීම හා ඒ පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීම
- මූලික විමර්ශනවල දී අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් චෝදනාපත්‍ර කෙටුම්පත් කිරීම. විධිමත් විනය පරීක්ෂණ සඳහා වන ලිපි ලේඛන ආදිය පිළියෙල කිරීම හා එම ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගැනීම හා අවශ්‍ය තොරතුරු ක්‍රමවත්ව රැස්කර තබා ගැනීම
- මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාලවන මහජන පැමිණිලි සම්බන්ධ කටයුතු කිරීම
- මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාලවන කොස්ගස් හෙලීම් බලපත්‍ර ඉල්ලීම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීම හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බලයලත් නිලධාරීන්ගේ උපදෙස් අනුව ග්‍රාම නිලධාරි කාර්යාල හා අනෙකුත් නිලධාරි කාර්යාල පරීක්ෂාවට අදාල රාජකාරි
මාධ්‍ය අංශය
අංශයේ කාර්ය භාරයන්
- විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම ( දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා වෙනත් පොදු කටයුතු සම්බන්ධයෙන් )
- මාධ්‍ය ආවරණ කටයුතු ( මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු හා වෙනත් පොදු කටයුතු පැවැත්වෙන අවස්ථාවන් මාධ්‍ය ආවරණය කිරීම )
- මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ( දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා වෙනත් රාජ්‍ය ආයතනයන් කරනු ලබන ඉල්ලීම පරිදි)
- දෛනික පුවත්පත් නිරීක්ෂණය
- විවිධ සංවර්ධන ව්‍යාපෘති හා අවස්ථාවන් ඡායාරූපගත කිරීම
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වෙබ් අඩවිය (සිංහල) යාවත්කාලීන කිරීම )
- රජයේ නිල පුවත් වෙබ් අඩවිය News.lk වෙත පුවත් සැපැයීම District Media unit news face book පිටුව සදහා ප්‍රවෘත්ති ලබාදීම
- මාධ්‍යවේදින් හා පාසැල් සිසුන් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්
මිනුම් ඒකකය
මෙහෙවර
"ජාතික මිනුම් පද්ධතියට වගකිව යුතු මිනුම් විද්‍යාව සඳහා වූ අග්‍රස්ථ ආයතනය වීම සහ මිනුම් මත පදනම් වූ නියාමන ක්‍රියාකාරකම් සහ ගනුදෙනු වලදී යුක්තිය සහ සාධාරණත්වය සහතික කිරීම"
1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා පනතේ විධිවිධාන යටතේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ජාතික මිනුම් ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වාගෙන යාම සහ බෙදා හැරීම සහ මිනුම් සොයා ගැනීමේ හැකියාව දෙපාර්තමේන්තුවේ අරමුණයි. එය වෙළඳාම, කර්මාන්ත, විද්‍යාව, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව සඳහා නීතිමය මිනුම් විද්‍යාත්මක රාමුව ද සපයයි.
අංශයේ කාර්ය භාරයන්
- පරීක්ෂකවරයෙකු විසින් වාර්ෂිකව වෙළඳුන්ගේ කිරුම් සහ මිනුම් උපාංග පරීක්ෂා කිරීම සහ මුද්දර දැමීම.
- දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟපෙන්වීම ඇතිව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම වෙළෙන්දන්ගේ මිනුම් උපාංග පරීක්ෂා කිරීම සහ මුද්‍රා තැබීම සඳහා පරීක්ෂණ සහ මුද්දර මධ්‍යස්ථාන සංවිධානය කිරීම.
- ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කරන උපාංග වාර්ෂිකව පරීක්ෂා කිරීම සහ මුද්දර දැමීම.
- විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සහ මුද්දර දැමීමේ විමෝචන පරීක්ෂණ උපාංග.
- කර්මාන්තශාලාවල මිනුම් උපාංග පරීක්ෂා කිරීම සහ මුද්දර දැමීම වාර්ෂිකව පරීක්ෂා කිරීම සහ මුද්දර දැමීම.
- 1995 අංක 35 මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා පනතේ නීත්‍යානුකූල ප්‍රතිපාදන උල්ලංඝණය කරන වෙළඳුන් වටලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. (37, 42, 38, 46, 51, (6) වගන්ති.
- වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉහත නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරයි.
- මුද්දර සහිත ඒකක සංඛ්යාව - 34954
- මුළු ආදායම - රු.9130207.50
- අවසන් අධිකරණ ක්රියාමාර්ග -76
- දඬුවම් - රුපියල් 148500.00













