- ඔබ මෙතැනය:
-
මුල් පිටුව
-
සංචාරක ස්ථාන
- Gallery
සීගිරිය


සීගිරිය යන්නෙහි අර්ථය සිංහ පර්වතය යන්න ය. මීට මුල් වූයේ පර්වත බලකොටුවේ පිවිසුම් දොරටුව සිංහයෙකුගේ ස්වරූපයෙන් ඉදිකොට තිබීම ය. එම රූපයේ නටබුන් තවමත් මාළිගාවට නගින පඩිපෙළ පාදමේ දෙපැත්තේ ඇති යෝධ සිංහ පාදයන්ගෙන් පෙනේ. එය සැබවින් ම මාළිගාවක් වූයේ දශක එකහමාරක පමණ කාලයක සීගිරිය ශ්‍රී ලංකාවේ දේශපාලන කේන්ද්‍රය ලෙස භාවිත වූ බැවිනි. දකුණු හා අග්නිදිග ආසියාවේ ඇති පළමු සහස්‍රයට අයත් සැලසුම් වූ නගර අතුරෙන් හොඳින් ම සංරක්ණෂය වී ඇති ස්ථානය සමහරවිට සීගිරිය විය හැකි ය. සීගිරිය ආසියාවේ නගර නිර්මාණයෙහි සුවිශේෂ ස්ථානයක් ගන්නේ එහි චිත්තාකර්ෂණීය වටපිටාව, නිර්මාණාත්මක සැලැස්ම, සංරක්ෂිත තත්ත්වය ආදිය ඇතුළත් හේතු ගණනාවක් නිසා ය. සීගිරියේ නාගරික ස්වරූපය කේන්ද්‍රීය වටපිටා ගණනාවක් එක්කොට තැනුණක් වන අතර සමස්ත වශයෙන් පිටත දිය අගල (මෙය තවම සම්පූර්ණයෙන් හෙළිදරව් කරගෙන නැත) විසින් කොටු වූ විශාල ආයතාශ්රයක් ලෙස සැලසුම් විය. මෙම භූ දර්ශනය සැලසුම් වූයේ උත්තුංග වූ සීගිරි පර්වතය මැදි කරගෙන ය. ජ්‍යාමිතික වශයෙන් ආයතාශ්රාකාර වූ නගර සැලැස්ම දිගින් නැගෙනහිර සිට බටහිරට කි.මී. 3ක් පමණ ද පළලින් උතුරේ සිට දකුණට කි.මී. 1ක් පමණ ද වේ.
සීගිරියට එන බොහෝ දෙනා විශ්වාස කරන්නේ එහි ඇත්තේ කාශ්‍යප අවධියට (එනම් ව්ය. ව. 5 වන සියවසට) අයත් ඉදිකිරීම් පමණක් කියා ය. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක මගින් ඔප්පු වන්නේ සීගිරියට කාශ්‍යප අවධියට පෙර හා එම අවධියට පසු යුග කිහිපයක් ඇති බවය.
සිගිරිය පළමුවන කාශ්‍යප රජු විසින් කි‍්‍ර.ව. 5 වන සියවසේදී ඉදිකරන ලද නිර්මාණයකි. 1982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සීගිරිය, ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය.
පුරාවිද්‍යාඥයින් විසින් මුල්කාලීනව සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් හඳුනාගෙන තිබේ. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවධි 08 ක් හදුනා ගෙන තිබේ. එනම්,)
- ආදි ආරාමික අවදිය - ක්‍රි.පු. 3/2 වන සියවස්හි සිට ක්‍රි.ව. 1 සියවස දක්වා, සීගිරි පර්වතය පාමුල වු කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතු කොට පිදු බව දැක්වෙන බ්රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය.
- අවධිය පුර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය.
- අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495
- අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වු පසු ආරාමික යුගය
- පශ්චාත් කාශ්‍යප යුගය
- අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා
- අවධිය නුවර යුගය - 17-19 සියවස
- අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා සංකීර්ණ කොටස් කිහිපයකි. සීගිරි පර්වතය හා ඒ මත ඇති මාළිගාව,ඇතුළු නුවර හා මාලක,ජල උද්‍යානය, උයන්, දිය අඟල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය,දිය අගල හා පවුර සහිත නැගෙනහිර භූමි භාගය.
ඉහත කී අලංකාර ඉදිකිරීම් වලට අමතරව සිීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්වී ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වු කුරුටු ගී නිසාය.
දඹුල්ල

ශ්රිංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් උරුම ස්ථානයක් ලෙස දඹුල්ල හඳුනාගත හැකිය. ස්වභාවිකව පිහිටි ගල් ලෙන් 5 කින් සමන්විත ගුහා සංකීර්ණයක වූ බිතුසිතුවම් හා ප්‍රතිමා මෙහි වූ විශේෂිත පුරාවිද්‍යාත්මක උරුමය ලෙස හදුන්වාදිය හැකිය. ක්‍රි.පූ. 3 වන සියවසට අයත් පූර්ව බ්රාහ්මීය සෙල්ලිපිවල සිට ක්‍රි.ව. 18 වන සියවසට අයත් බිතුසිතුවම්, මෙම ස්ථානයේ දීර්ඝ කාලයක් තුළ සිදු වූ මානව ක්‍රියාකාරකම් පිළිබඳ සාකෂි සපයයි. 1991 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් බවට නම් කරන ලදී. 1982 වර්ෂයේ සිට 1998 දක්වා බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන ලදී.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිතුසිතුවම් පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය හා බිතුසිතුවම් සංරක්ෂණ මූලස්ථානය වශයෙන් ක්‍රියාත්මකවන දඹුල්ල ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ එකම බිතුසිතුවම් පිළිබඳ කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබයි.
ඉබ්බන්කටුව

ඉබ්බන්කටුව පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ කුරුණෑගල ත්‍රිකුණාමලය පාරේ දඹුල්ලට සමීපව ය. එය ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු හොඳින් සංරක්ෂිත පූර්ව-ඓතිහාසික සුසාන භූමිය කි. හෙක්ටයාර් 13ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට අයත් ගල් කුටීර ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත ය.බ්බන්කටුව සුසාන භූමියෙහි පළමු පුරාවිද්‍යා ගවේෂණය 1970 දී කරන ලද්දේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා විසිනි. ඉන් පසුව 1988 දී හා 1990 දී මෙහි පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කළ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආයතනවල දෙස් විදෙස් ගවේෂකයන් විසින් සොහොන් කොත් 21ක් සොයා ගැනුණි. මෙතැනින් ලැබුණු අඟුරු රේඩියෝ කාබන් පරීක්ෂණයට භාජනය කරන ලදුව එය ක්‍රි.පූ. 6 වන සියවසට අයත් බැව් නිගමනය විය.
යළිත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2015 වර්ෂයේ දී ඉබ්බන්කටුව සුසාන භූමියේ ගවේෂණයක් කරන ලදි. මෙහි දී කලින් සොයා ගෙන තිබුණු සොහොන් 21ට නුදුරින් මීටර් 10 x10 ප්‍රමාණයේ පෙදෙසක කැණීම් සිදු විය. මෙහි පස් ඉවත් කිරීමේ දී තවත් සොහොන් 47ක් සොයා ගත හැකි විය. මෙයින් 26ක් මළවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ශිලා කුටීර සොහොන් විය.මෙම සොහොන්කොත් නිමවා තිබුණේ සරල ගල් පුවරු භාවිතයෙනි. සොහොන් කොත් සමහරක් ගල් පියන්වලින් වසා තිබුණු අතර ඒවා තුළ විවිධ ප්‍රමාණයේ මැටි භාජන විය. එම භාජනවල මළවුන්ගේ අ`ඵ තැන්පත් ව තිබුණි. විවිධ ස්වරූප ගත් මේ මැටි භාජන කාලරක්ත මැටිබදුන් විශේෂය හා රතු මැටිබදුන් විශේෂයට අයත් වේ. මීට අමතර ව තඹ හෝ යකඩ ලෝහයෙන් නිර්මිත ආම්පන්න සහ විවිධාකාර අමුද්‍රව්‍යවලින් සෑදුණු පබළු වර්ග කීපයක් ද එම භාජනවලින් හමු විය.
කැණීමෙන් සොයාගැනුණු සොහොන්ගත කිරීම් හතළිස් හතෙන් විසි එකක් මළවුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජන වූයේ ය. මේවා බරණි සුසාන ලෙස හැඳින්වේ. ඉබ්බන්කටුව සුසානය ශ්‍රී ලංකාවෙන් හමු වූ මූල-ඓතිහාසික සුසාන භූමි අතුරෙන් විශාලතම භූමිය වේ. මෙම භූමිය මීටර් 700 - මීටර් 400 ප්‍රමාණයක පැතිරී තිබුණි. මෙම සුසාන භූමියට නුදුරින් සොයා ගැනුණු පොල්වත්ත නම් ජනාවාස භූමිය හා සමග සලකා බලනවිට මෙය මුල්කාලීන යකඩ යුගයට අයත් වූ ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු මානව ජනාවාසය හා ඊට අනුබද්ධ සුසාන භූමිය වන්නේ ය.
නාලන්ද ගෙඩිගේ

මාතලේ සිට දඹුල්ල මාර්ගයේ බෝවතැන්න ජලාශය ආසන්නයේ පිහිටා ඇත. ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.
පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.
පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි. මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි
කළුදිය පොකුණ

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීගිරියට කි.මී. 8ක් පමණ දුරින් පිහිටි කුඹුක්කඳන්වල ආසන්නයේ මෙම ස්ථානය පිහිටා ඇත. වනගත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්ථානයේ ඇති 9 වන සියවසට අයත් සෙල්ලිපියක් මගින් මෙම විහාරය දක්ඛින ගිරි විහාරය ලෙස හඳුන්වනු ලබයි. මහා වංසයට අනුව මෙම විහාරය සද්ධාතිස්ස රජු (137 - 119) ඉදිකර ඇත. අග්ගබෝධි (578 - 612) මෙය වැඩිදියුණු කර ඇති අතර උපෝසතාඝරයක් ඉදිකර ඇත. මෙහි සෙල්ලිපි ගණනාවක් හා ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් කිහිපයක්ද දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක් ද විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකි අතර මදක් දුරින් කළු දිය ඇති පොකුණක් ඇති අතර මෙම විහාරය එම නමින් හඳුන්වනු ලබයි
සේර ඇල්ල

දුම්බර කදු පෙතේ සැගවුණ සිය ගණනක් සුන්දර ස්ථාන අතර සේර ඇල්ලට සුවිශේෂත්වයක් හිමිවේ. මාතලේ සිට රත්තොට හරහා රිවර්ස්ටන් කන්ද හා පිටවල පතන පසුකොට ඉදිරියටම ගිය විට සේර ඇල්ලට යන හන්දිය හමුවෙනවා. එම හන්දියෙන් වමට තුරු ගොමු අතරින් වැටි තිබෙන මාර්ගය කෙලින්ම ගමන් කරන්නේ පොත්තටවෙල ගම්මානයටය. මේ මාර්ගයේ කී.මි. හය හතක් ගමන් කරන විට සේර ඇල්ල නාම පුවරුවක් හමුවෙනවා. එම ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයෙන් මීටර් 500ක් විතර පහළට ගමන් කළ විට මේ සුන්දර සේර ඇල්ල දැක ගන්න පුළුවන්. මාතලේ නගරයේ ඉදලා කි.මී. 45ක් පමණ දුරක් ගෙවා ගෙන එන්න ඕන මේ සුන්දරත්වය අත්විදින්න.
අඩි 33ක පමණ උසකින් හා අඩි 70ක් පමණ පළලකින් යුත් මෙම දිය ඇල්ල ලංකාවේ සෙසු දිය ඇලිවලට වඩා සුවිශේෂත්වයක් උසුලනවා. මේ දිය ඇල්ලට පසුපසින් ඇති ගල්ගුහාවේ සිට ඉදිරියෙන් කඩා හැලෙන දිය ඇල්ල සමීපව නැරඹීමේ විරල අවස්ථාව හිමිවන්නේ මේ සේර ඇල්ලේ පමණි. වෙනත් දිය ඇලි නැරඹිමෙන් මේ අත්දැකීමක් ලබා ගන්න බැහැ.
කිතුල් ඇල්ල හා දුණුමඩලා ඔය එක්වී ගලන පුවක්පිටිය ඔය මේ සුන්දර සේර ඇල්ල නිර්මාණය කර කඩා හැලෙන ජල දහරාව තෙල්ගමු ඔය පෝෂණය කරනවා. වසරේ නොවැම්බර් දෙසැම්බර් මාසවල මේ ඇල්ලේ අසිරිය අඩු නැතිව විදගන්න පුළුවන් ඒ වර්ෂා සමය නිසා. මෙම දිය ඇල්ලට නම වැටුණ ආකාරය ගැනත් විවිධ මත තිබෙනවා. සේර ඇට මිටක් අත්ලට ගෙන අත්ල දිග හැර සුළැගිල්ල ඇති පැත්තෙන් පහත් කළ විට එක සීරුවට මේ සේර ඇට වැටෙන රිද්මයට මේ ඇල්ල කඩා හැලෙන නිසා සේර ඇල්ල කියලා නම වැටුණ බවයි ජනප්‍රවාදවල පවතින්නේ. තවත් අයෙක් ගේ අදහස නම් සේර නම් වු පක්ෂියෙක් නිසා මෙම ඇල්ලට සේර ඇල්ල නම පබදුන බවයි.
මේ සුන්දර දිය ඇල්ල පිටුපස මුළු රටේම අවධානය යොමු වු අසුන්දර කතා ද ඇත. ඒ අසුන්දර කතා ලියවී ඇත්තේ මෙහි පැමිණෙන පුද්ගලයින්ගේ නොසැලකිලිමත් කම නිසාම බවත් කිව යුතුය. සේර ඇල්ලට පැමිණෙන ඔබ දිය ඇල්ලේ සුන්දර මතයක් සමග ඔබ ගෙන ආ අනෙකුත් දෑත් රැගෙන යන්න අමතක කරන්න එපා.
බඹරකිරි ඇල්ල

මාතලේ සිට රත්තොට පසුකරමින් රිවස්ටන් බලා යන ගමනේදී මෙම සුන්දර බඹරකිරිඇල්ල අපට හමුවේ. රත්තොට නගරය පසුකරමින් රිවස්ටන් මාර්ගයේ ඉදිරියට ගමන්කරන විට බඹරකිරි ඇල්ල නාම පුවරුව දැකගත හැකිය. නාම පුවරුව දිස්වන ස්ථානයේ සිට මීටර් 100ක් පමණ වෙලන්ගහඔය ගම්මානය පිවිසෙන මාර්ගය දිගේ ගමන් කල විට මෙම සුන්දර බඹරකිරි ඇල්ල දර්ශනය වේ. දුම්බර මිටියාවතෙන් අඹන්ගඟ පෝෂණය කරමින් ගලා බසින වෙලන්ගහ ඔය හෙවත් කුඩා ඔය ජල දහරාවෙන් මෙම ඇල්ල නිර්මාණය වී තිබේ. ස්ථර කීපයකින් ගලා හැලීමත් ඇල්ලට ඉහළින් වෙලන්ගහඔය ගමට පිවිසිමට ඉදිකර ඇති වැල් පාලම හෙවත් සංගිලි පාලමත් බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය තව තවත් වැඩි කරයි. දිනපතා වෙලන්ගහඔය ගමට ගමන් කරන ගම්වැසියන්ට සංගිලි පාලම සාමාන්‍ය දෙයක් වුවත් සංචාරකයන්ට අපුරු ආශ්වාදයක් එක් කරයි. මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අඩුවක් නැත. එසේම විවාහ අපේක්ෂිත තරුණ යුවලයන් විවාහයට පෙර ඡායාරූප ගැනීමටත් තෝරාගන්නා සුන්දර ස්ථානයකි බඹරකිරි ඇල්ල. ඇල්ලේ සුන්දරත්වය පරිස්සමින් විඳගැනීම සංචාරකයන්ගේ වගකීමක්. එම වගකීම පැහැර හැර ජීවිතයෙන් වන්දි ගෙවු පිරිසද එමටය. රිවස්ටන්, පිටවල පතන, පුංචි ලෝකාන්තය, කළුගඟ හා මොරගහකන්ද ජලාශයන් මෙන්ම සුන්දර සේර ඇල්ල නැරඹිමට යන ගමනේ නැවතිය යුතුම තැනකි බඹරකිරි ඇල්ල.
අළුවිහාර ලෙන් විහාරය

මධ්‍යමපළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාවිද්යාත්මකවශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්රන්ථාරූඩ කිරීමත් සමග මුළුමහත් බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බවට අලුවිහාරය පත්විය.දීපවංශය, මහාවංශය, අස්ගිරි තල්පත, නිකාය සංග්‍රහය, පුජාවලිය වැනි ඓතිහාසික ග්රන්ථ ඇසුරෙන්, බ්රහාමි ශිලාලිපි ඇතුළු පෞරාණික නටබුන් තුලින් හා ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේදී කල පර්යේෂණ වලදී අලුවිහාරයේ පුරා විද්‍යාත්මක අගය සොයාගනු ලැබිය. අලුවිහාරය යනු මෙම විහාරස්ථානයේ නමය. ඉතිහාසයේ මුල් යුගවල සිටම ආලෝකලෙන නමින් මෙම විහාරස්ථානය හැදින්විය. ආලෝකලෙන පසුව අළුලෙන, අලුවිහාරය බවට පත්විය.
මොරගහ කන්ද ජලාශය

The Moragahakanda Dam, officially as Kulasinghe Reservoir,is a large gravity dam, and the main component of the larger and more complex Moragahakanda — Kalu Ganga Project, across the Ambana River at Elahera, in the Matale District of Sri Lanka. Construction began on 25 January 2007 and was completed in 2018. The maiden waters of the dam was released in January 2017. Morgahakanda/Kaluganga project is the last of the Great Mahaveli project.
The Moragahakanda Dam is a 65 m high gravity dam. The dam created the Moragahakanda Reservoir, which has an active storage capacity of 521,000,000 m3 of water, at a surface elevation of 185 m .
The larger combined project involves the construction of the Moragahakanda Dam and Reservoir, along with the separate Kalu Ganga Dam and Reservoir, for irrigation and power generation purposes. Both these sites would be located approximately 10 km (6.2 mi) apart. development cost is being carried out by SMEC Holdings and Sinohydro.
A granite Buddha statue built opposite the Moragahakanda reservoir was unveiled on 23 July 2018.
Two additional embankment saddle dams will also be built to contain the Moragahakanda Reservoir. The reservoir of the Kalu Ganga Dam will be linked via tunnel.
Water from both, the Moragahakanda and Kalu Ganga reservoirs, will be primarily used to support agricultural needs to an area of at least 81,422 ha (814.2 km2). This will increase rice production by 81% or 109,000 t, amounting to an estimated monetary benefit of US$1.67 million, annually.
Along with the reservoir of the Kalu Ganga Dam, an increase of 64,000,000 m3 of potabal and industrial water supply could be ensured by 2032, to regions including Matale, Anuradhapura, Trincomalee, and Polonnaruwa.
Water from the Moragahakanda Reservoir is used to power the 25-megawatt Moragahakanda Hydroelectric Power Station. The substitution of this hydropower with traditional fossil fuel power generation is estimated to save up to US$ 2.49 billion annually.
The construction of the dam and reservoir also required the construction of multiple access roads and rerouting of existing main roads, as well as the construction of the 300 m (984 ft) long Moragahakanda Bridge. The reservoir has been officially named as Kulasinghe Reservoir, in memory of late Dr. A.N.S Kulasinghe. Deshabandu. Dr. A.N.S Kulasinghe was a Sri Lankan Civil Engineer who served in several projects throughout the country.
ලාක්ෂා

Laksha industry has a special place in Sri Lankan Sinhala culture. They use natural materials for this progress. Even though the stuff that comes out from the Laksha insect is colorless, they add various colors and make them colorful. The difference between a good quality Laksha and a low quality Laksha is that low quality one is breakable, it can be broken by bending it from a hand. Laksha industry can be divided into two parts as Niyapothu wada and pattal wada, but both of these industries have fallen down nowadays. As the new generation is looking for latest jobs and also the Laksha products have been sold in high prices by salesmen, the demand of Laksha industry is reduced. The second we hear the word Laksha we happen to imagine old complex designs, but nowadays the new generation of the society seems to stick with charm, creative designs. Moreover, that effects the Laksha industry as well.
The colors of the campaign which going be used are warm colors. The reason for using yellow color is they use yellow color as the basic color for Laksha Pattal industry, and they apply other colors on top of it. The name “Laksha” has been designed in-between two rows in the logo, it is because it was inspired by old cultural designs. In this logo, some of the parts in the name “Laksha” been designed out from the two rows. It shows the charmness and the freedom. Even inside of the logo, there can be seen red, yellow, orange and black colors, which are warm colors.
Laksha industry has a special place in Sri Lankan Sinhala culture of Matale hapuwida is very famous for Laksha. This industry can be named as an industry that comes from generation to generation. There are two parts as Laksha Pattal wada and Niyapothu wada. (Nail Work). Since niyapothu wada should be done very neatly and carefully, it requires patience. In addition, for Pattal wada there are many hard works. They say that Niyapothu wada are done by women and Pattal wada can be done only by men.
In Pattal wada, every equipment that creator uses from the beginning until he finishes the design are called “Ath Pattalaya”. When they design, mostly they use light colors in first place, such as white, yellow. After that, they use red, blue colors etc. Lastly, they use black color if necessary. Later they design the traditional arts on them by scraping. However, the main material that needs to these two industries is what we take from the Laksha insect, and it seems to sterile. Therefore, they had to import them from India. 1kg is rs.3000 /= and in 1kg we can get 100 Laksha pieces. Since Laksha is colorless, we can add any color and make it colorful.
කවටයාමුණ පුරාණ රජමහා විහාරය

මාතලේ සිට දඹුල්ල දක්වා ප්‍රධාන මාර්ගයේ ගමන් කොට පළාත්පත්වල පසුකොට ගලේවෙල මාර්ගයට හැරී ඉදිරියට ගමන් කරන විට කවටයාමුණ විහාරස්ථානය හමුවෙනවා. මාතලේ නගරයේ සිට කි.මී. 9ක් දුරින් පිහිටා ඇති කවටයාමුණ විහාරස්ථානය සංචාරකයන්ගේ සිත් තවත් සුවිශේෂි ස්ථානයක්. ගජබා රජු විසින් ඉන්දියාවෙන් රැගෙන ආ සොළීන්ගෙන් පිරිසක් මාතලේ මෙම ප්‍රදේශයේ පදිංචි කොට ඇති බවත් ඒ පිරිස අතර සිටි කවටයා නම් ශක්ති සම්පන්නවු පුද්ගලයෙක්ද විය. ඔහු විසින් මෙම ප්‍රදේශයේ අස්වද්දවා ජලය ලබාගැනීම සදහා ශක්තිමත් අමුණක් සාදවා ඇත. එබැවින් මෙම ප්‍රදේශයට කවටයාමුණ නමින් ප්‍රසිද්ධ වු බව ජනප්රවාදයේ පවති.
මෙම විහාරස්ථානයේ නිර්මාණය කොට ඇති අපායේ අනුරුව සංචාරකයන්ගේ වඩා සිත් ගත් ස්ථානයක් බවට පත්ව ඇත. විශේෂයෙන් පාසැල් සිසුන් විශාල වශයෙන් මෙම අපායේ අනුරුව නැරඹීම සදහා උනන්දුවක් දක්වයි.
මෙහි සර්වඥ ධාතු මන්දිරය හා නීලමහ, නන්දිමිත්ර යෝධයන්ගේ දැවැන්ත පිළිරු මෙන්ම පැරණි පුස්කොල පොත්, ගෘහ භාණ්ඩ ආදිය විහාරස්ථානයේ ප්‍රදර්ශනය කොට තිබේ.
ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවස්ථානය

මාතලේ මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිල දෙස් විදෙස් හින්දු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත්වු ආගමික සිද්ධස්ථානයකි. මාතලේ නගරයේ මන්දණ්ඩාවෙල නුගගහමුල බස්නැවතුම අසල මෙම දේවස්ථානය පිහිටා තිබේ. වලගම්බා රජු දවස මෙරට ආක්‍රමණය කිරීමට පැමිණි පාණ්ඩ්‍යයන් හින්දු බැතිමතුන් වු බැවින් ඔවුන්ගේ අවශ්‍යතා සදහා මෙම කෝවිල ඉදිවු බවට ජනප්රවාදයේ පැවැතියත් ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි හමුනොවේ. ගජබා රජු සමයේ මෙරටට පැමිණි සංක්රමනිකයන්ගේ අවශ්‍යතා මත ඉදි බවට ජනප්‍රවාදයක් පවති. කෙසේ වෙතත් අතීතයේ සිට ඉන්දීය ජන කොටස් මෙරට ආක්‍රමණය කිරීමේ හෝ වෙනත් කටයුතු සදහා මෙරටට සංක්‍රමණය වුවන් පත්තිනි දේවිය හා ශිව දෙවියන් වන්දනාමාන කළ බැවින් මෙම දේවස්ථානය ආරම්භ වු බවට අනුමාන කළ හැකිය.
මුත්තුමාරි අම්මන් හෙවත් පත්තිනි දේවිය පතිවෘතා ධර්මය ඇදහු දේවතාවියක් බව ප්‍රසිද්ධය. ජනප්රවාදයට අනුව ආයිමන්තනී නම් තාපසයාගේ දේවිය වු රේණුකා නැමැත්තිය පසු කලෙක පත්තිනි දේවිය ලෙසට වන්දනා මානවලට පාත්‍ර ඇත. පතිභක්තියෙන් යුතු රේණුකා දේවිය ආයිමන්තනි තවුසාගේ චිතකයට පැන දිවි පිදීමට සුදානම් වු අවස්ථාවේ හිරු දෙවියන් සිසිල් වර්ෂාවක් වස්සවා ඇතත් ඇය පිලිස්සීම් තුවාල ලබා ඇත. කොහොඹ කොලවලින් එම තුවාල සුවකිරීමටත්, සුදු හාල් පිටි , හකුරු ගිතෙල්, තැඹිලි හා කිරි යන ආහාර ලබාදීමටත් අවශ්‍ය ඇදුම් ලබාදීමටත් ජනතාව කටයුතු කොට ඇත. ඒ හේතුවෙන් රේණුකා දේවියට තුවාල සුවකරගැනීමටත්, දුක තුනී කරගැනීමටත් හැකිවී ඇත. ඉන් අනතුරුව ශිව දෙවියන් ඇය ඉදිරියේ පෙනී සිට මින් පසු මිනිසුන්ගේ දුක් දුරු කිරීමට ඉදිරිපත් වන ලෙසත් , පිළිස්සීමෙන් හටගන්නා තුවාල (දිය බිබිලි) මෙන් වේදනා ගෙන දෙන අසනීපයක් මිනිසුන්ට වැළදෙන බවත් එය දෙවියන්ගේ අසනීපයක් බැවින් එයින් ඇතිවන වේදනාව දුරු කිරීමට කොහොඹ කොළ ඖෂධයක් වන බවත් ගිතෙල්, සුදු හාල්පිටි, හකුරු , තැඹිලි හා කිරි (රේණුකා හට මිනිසුන් විසින් ලබාදුන් දේම) එම අසනීපයේදී සුදුසු වන බවති ඉන් හැමෝටම සුව සෙත ලබාදිය හැකි බවත් දැනුම් දී අතුරුදන්ව ඇත. එසැනින් රේණුකා දේවියගේ සිරුරේ තිබු පිළිස්සුම් ලප කැළල් මහානුභාවසම්බන්න බලයෙන් මුතු කැට බවට පත්ව ඇති අතර එතැන් සිට ඇය මුත්තුමාරි අම්මන් යන නාමය යෙදුන බවට ජනප්රවාදයේ පවති.
තවද පතිභක්තියෙන් අනුන අයෙකු බැවින් පත්තිනි දේවිය සම්බන්ධ කතා පුවතක්ද මෙම ස්ථානය සම්බන්ධ දේවතාවිය වටා ගෙති ඇත. කන්නගි නම් වු පත්තිනි දේවිය පතිභක්තියෙන් යුතුව ජීවත් වුවද කෝවලන් නම් වු ඇගේ සැමියා මාධවි නමැති නලඟන සමඟ රහස් සම්බන්ධතාවයක් පවත්වා සියළු ධනය විනාශකරගත් පසු යලි කන්නගී වෙත පැමිණි විට පාබැඳි රන් සළඹ පරිත්‍යාග කර ඇත. මේ දවස්වල රජු සතුවු රන් සළඹක් සොරකම්කර තිබු බැවින් එය සෝරාගත් අයෙකු ලෙස කෝවලන් රාජ උදහසට ලක්ව මරණයට පත්කර ඇත. ඉන්පසු කන්නගී රජු හමුවීමට ගොස් තම සැමිය නිදොස් බව දන්වා ඇතත් ඒ බව පිළීගැනීම රජු ප්‍රතික්ෂේප කළ බැවින් ඈ සතුව තිබු අනෙක් රන් සළඹ ඒ වේලාවෙම බිම ගසා ඇත. එයින් හටගත් ගින්නෙන් මධුරාපුරයම ගිණිගෙන විනාශව ගිය අතර අකුසල් නොකර සිටි පිරිස් පමණක් ඉතිරිවී අනෙක් සියළු දෙනා විනාශ වී ගොස් ඇත. කෝවලන්ද ඇගේ පතිවෘතතා බලයෙන් නැවත සිහිලබා ජීවිතය ලබා ඇත. මේ හේතුවෙන් කන්නගී මිය ගිය පසු පත්තිණි මෑණියන් ලෙස සැමගේ පුජනීයත්වයට පත්වු බව ජනප්රවාදයේ පවති
කුඩාවට ආරම්භ වී ඇති දේවාලය අදවන විට ඉතා දියුණු තත්වයට පත්ව තිබේ. මෙම දේවස්ථානයේ වාර්ෂිවක පැවැත්වෙන තේරු උත්සවය සදහා ඉන්දියාවේ සිටද බැතිමතුන් පැමිණේ. දකුණු ඉන්දියාවෙන් ගෙන්වනලද ශිල්පීන් විසින් මෙම දේවස්ථානය නිර්මාණය කොට ඇති බැවින් දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ කලාව මනාව විද්‍යමාන වේ.
පුදපුජා
මෙම දේවස්ථානයේ මාසිකව විශේෂ පුද පුජා රැසක් පැවත්වේ. එහෙත් මාර්තු මාසයේ පවත්වනු ලබන තේරු උත්සවය විශේෂත්වයක් උසුලයි. 1955 වසරේ සිට ආරම්භ කර ඇති එම උත්සවය මුල්වරට සංවිධානය කොට ඇත්තේ බිලි පුජා උත්සවයක් ලෙසයි. එම ක්‍රමය ප්රතික්ෂේපව ගොස් තේරු කරත්ත සහිතව පෙරහර වීදී සංචාරය කරයි.
මාසිකව මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ සිදුකරන පුද පුජා
ජනවාරි - තෛපොංගල උත්සවය, වර්ෂාභිෂේගම් උත්සවය
පෙබරවාරි - තේරු උත්සවය හා මහ ශිවරාත්‍රී උත්සවය
මාර්තු - තේරු උත්සවය , පංගුනි උත්තරම් උත්සවය
අප්‍රේල් - හින්දු අලුත් අවුරුදු උත්සවය
මැයි - වෛගාසි විසාගම් උත්සවය
ජුනි - මානිකඩ වාසගර් උත්සවය, ආනිඋත්තරම් නඩේශන් අභිශේගම උත්සවය
ජුලි - වේල් උත්සවය
අගොස්තු - ශ්‍රී මුත්තු මිනාඩි සමේද උත්සවය
සැප්තැම්බර් - නවරාත්‍රී උත්සවය - සතිශ්වර මහයාගම් උත්සවh
ඔක්තෝබර් - දීපවාලි උත්සවය
නොවැම්බර් - සෝමචාර උත්සවය
දෙසැම්බර් - ආරුත්තිරා දර්ශන උත්සවය
මැක්ඩෝවෝල් බල කොටුව
FORT MACDOWALL
Fort MacDowall was located in Matale. The fort has expanded through 16 acres of lands and it has existed a retaining wall that height 5 feet around the whole plot of land. It was a fortified outpost during the Kandyan Wars, named after Major General Hay MacDowall, the 6th Commander of British Troops in Ceylon. The fort was one of the few inland forts constructed by the British and was completed in 1803.
During the Matale Rebellion, on 28 July 1848, the fort came under siege by approximately 400 rebels led by Weera Puran Appu and Gongalegoda Banda, but the British forces repulsed the attack. The rebels also burnt down a coffee storehouse and ransacked the Matale Kachcheri destroying the tax records. On 29 July 1848, the then British Governor, Viscount Torrington, declared martial law over the area. British troops (the Ceylon Rifle Regiment), under the command of Captain Albert Watson, were sent from Kandy, on 28 July 1848, together with the 19th Regiment, commanded by Captain Lillie. On 29 July 1848 the British attacked the rebels' stronghold on the Wariyapola Estate, massacring the peasants and subsequently recaptured and occupied Matale’s administrative center. In the resultant suppression of the resident population, Captain Watson and Captain Lillie rounded up a number of rebel leaders in and around Matale, including Kudapola Sri Rahula Thero, Puran Appu and Gongalegoda Banda. The initial government reports indicated that only thirteen rebels were killed at Wariyapola and a further nine rebels executed and buried within Fort MacDowall. Governor Torrington later admitted, "That the total number killed and wounded amounted to little less than two hundred", although unofficially the numbers are purportedly higher. The only physical remnants of the fort that exist today are the gateway and portion of the ramparts. The interior of the fort is currently used as the Matale cemetery, which includes a monument to the rebellion.
රිවර්ස්ටන් කඳු මුදුන්
The Riverston Peak of Sri Lanka can be reached by travelling, about 30km away from the Matale town, down the Matale – Girandurukotte Road. This secretive windy road, with its sharp hairpin turns, offers some of the best views to the surrounding countryside to the extent that denoted as the Mini World’s End. Though it is very popular among locals, the area is comparatively unknown amongst mainstream tourists. Therefore the area offers up the natural beauty of Sri Lanka; fresh, green and unpolluted by vendors, tourists, garbage and unsightly buildings.
With climates very similar to the Hortons Plains, where the World’s End is located, Riverston trek also offers two graceful waterfalls Sera Ella and Bambarakiri Ella. Sera Ella also has some conveniently located rock seats from which a visitor can enjoy the refreshing cold spray of misty droplets. The nearby freshwater river, Thelgamu Oya, can be used for quick cooling dip or even just a refreshing splash before or after a long arduous trek.
The trek is about two and a half kilometers one way, and shouldn’t take more than a healthy hour or two at most. It runs a section known as the Pittawala Paththana and leads to the Riverston Peak. The countryside along the trek has views of the terraced paddy fields, unique to some mountainous regions around the world, and that of the beautiful green Central Highlands.
The Riverston Peak features a sheer 300m drop to stunning misty views of the nearby Knuckles Mountain Range and Thelgamu river valley. The peak, with its peaceful and beautiful surroundings, is also a great place to meditate and relax on your holiday to Sri Lanka. The Riverston trek is a great opportunity for nature lovers and photographers who want a few jaw-dropping clicks.
මැණික්දෙන
මාතලේ සිට ඒ9 මාර්ගයේ දඹුල්ල දෙසට ගමන් කිරීමේදී නාඋලත් දඹුල්ලත් අතර හමුවන පන්නම්පිටිය මංසන්ධියේ සිට සැතැපුම් දෙකක දුරින් මැණික්දෙණ පබ්බත විහාරය හමුවේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රි.ව. 5 වන සියවසේදී පමණ මෙම සංඝාරාමය 12 සියවස දක්වා පැවති තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ කන්දපල්ල කෝරලයේ වග පනහ පල්ලේසිය පත්තුවෙහි 39 වෙනි සැතපුම් කණුව අසල පන්නම්පිටිය මංසන්ධියේ සිට මැණික්දෙණ පබ්බත විහාරය සැතපුම් එකක පමණ දුරින් පිහිටා ඇත. පුරාවිද්‍යාත්මක සාක්ෂි හා වංශකථා තොරතුරු අනුව ක්‍රි.ව. 5 වන සියවසේ දි පමණ මෙම සංඝාරාමය ආරම්භ වී 12 වන සියවස දක්වා පවතින්නට ඇතැයි යන්න සඳහන්ය. මෙය විහාර භුමියක් මෙන්ම අක්කර 60ක භුමි භාගයක් පුරාවීහිදුණු වන උයනකි.
චෛත්‍ය, බෝධිඝරය, පටිමාඝරය (පිළිම ගෙය, ප්‍රතිමා ගෘහය) හා උපෝසථඝරය (පොහොය ගෙය) යන ප්‍රධාන ආගමික ගොඩනැගිලි හතරකින් සමන්විත පවුරකින් වට ආරාම සංකීර්ණයක් පබ්බත විහාර ලෙස හැඳින්වේ. එසේම ඊට පිටතින් ස්වාභාවික හෝ කෘත්‍රිමව සකස් කළ ජල මාර්ග ද භික්ෂු නේවාසිකාගාර, භෝජන ශාලා, ජලස්නානගෘහ හා වැසිකිළි කැසිකිළි ද වෙනත් ඉදිකිරීම් ද මෙම ආරාම සංකීර්ණයේ සැලසුමෙහි අන්තර්ගතය. පබ්බත විහාරය හෝ පබ්බත ආරාමය (Rock-Monastery or Mountain Temple) පවත විහර, පව් වෙහෙර, ගිරි වෙහෙර යනාදි නම් වලින් හැඳින්වූ අතර සංස්කෘත වචනයක් වූ පර්වත යන්න පාලියෙන් පබ්බත ලෙස ද සිංහලෙන් පව් වශයෙන් ද අර්ථ ගැන්වේ.
මලියදේව මහරහතන් වහන්සේගේ සිරුර මිහිදන් කළ භුමිය, මැණික් අතුරා සැකසු දෙන මැණික් දෙන වූ බවට ද මේ භුමිය ආසන්නයේ ජීවත්වන පිරිස් අතර පවතින එක් ජනප්රවාදයකි.
අනු-ප්රවර්ගයන්
නවතම පුවත් ලිපි ගණන: 4
"සිත් රූ 2025" මධ්‍යම පළාත් නර්තන තරගාවලියේ ජය මාතලේට
සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ආබාධ සහිත වූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් "සිත් රූ 2025" මධ්‍යම පළාත් නර්තන තරගාවලියේ ජය මාතලේ දිස්ත්‍රික් නර්තන කණ්ඩායමට හිමිවිය.
මධ්‍යම පළාත් නර්තන තරගය අද මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර මාතලේ,මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නර්තන කණ්ඩායම් තරගයට එක්ව සිටියහ.
මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන උත්පල ජයරත්න, රිස්මිනා රියාල්දීන්, සහකාර දිස්ත්‍රික් ලේකම් රේණුකා බුලනවැව, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරිනී චූලාංගනී රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාතලේ 25 වන දිසාපතිවරයා ලෙස ප්‍රසන්න මදනායක මහතා වැඩ භාරගනී


මාතලේ 25 වන දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකුවන ලීල් ප්‍රසන්න මදනායක මහතා 2025 ජුනි 05 දින වැඩ භාරගනු ලැබීය.
1970 වසරේ ජූනි මස 29 දින අනුරාධපුරයේදී උපත ලැබූ ඒ මහතා අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් හා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක්වන ප්‍රසන්න මදනායක මහතා කළමණාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව රජරට විශ්ව විද්‍යාලෙනුත්, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කැළණිය විශ්ව විද්‍යාලයෙනුත් ලබා තිබේ.
2001 වසරේ හොරොව්පතාන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ඒ මහතා අනතුරුව මැදවච්චිය සහකාර ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, උතුරුමැද පළාත් ප්‍රවාහන,ක්‍රීඩා හා යෞවන කටයුතු, සමූපකාර, වෙළද හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරුවලත් කටයුතු කර තිබේ.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ බාරගත් අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන උත්පල ජයරත්න, රිස්මිනා රියාල්දීන් යන මහත්ම මහත්මීන් ප්රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම ප්‍රවෘත්තිය නැරඹීය සදහා
Your text...
මාතලේ ක්ලීන් කරන්න ජන 29 සිට පෙබ. 03 දක්වා සති වැඩසටහනක් ඇරඹෙයි
රජයේ Clean Sri lanka වැඩ සටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවය බුද්ධ ශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය( ජන 29) දින ආරම්භ විය. මෙහිදී මාතලේ නගරය හා නගරය ආශ්‍රිතව ඇති බ්‍රාහ්මණ ඇළ හා රක්ෂිතය පිරිසිදු කිරිම සිදුවිය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන සංවිධානය කොට තිබුණි. ඊයේ ආරම්භ වු මෙම වැඩ සටහන මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම නගර හා ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි ජන 29, 30, 31 හා පෙබවාරි 01, 02 හා 03 යන දිනවල සතියක් පුරා ක්‍රියාත්මක විය.
නගරය පිරිසිදු කිරිමේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්ය, මාතලේ මහ නගර සභාව, මාතලේපොලීසිය , යුද හමුදාව ඇතුලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ..
clean sri lanka වැඩ සටහන පිළිබදව මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමක්
Clean sri lanka ව්‍යාපෘතියේ අරමුණ හා වැඩපිළිවෙල පිළිබදව මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හා රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් (ජන. 9) දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීරකැප්පෙටිපොල ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත් මෙම වැඩ සටහන පැවැත්විණි.
වැඩිදුර තොරතුරු සදහා ......
clean sri lanka සමග නව වසරේ වැඩ සමාරම්භය
මාතලේ ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ආරම්භය දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (ජන01) සිදුවුණා. ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරිමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති Clean sri lanka වැඩසටහන සමග සජීවිව සම්බන්ධ වුවා. ජනාධිපතිවරයාගේ ක්ලීන් ශ්‍රි ලංකාව වැඩසටහන සම්බන්ධ දේශනයට සවන්දීමෙන් අනුතුරුව ක්ලීන් ශ්‍රි ලංකා ප්‍රතිඥාව ලබා දීම සිදුවිය. අනතුරු කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වැඩසටහනෙන් අනුතුරුව වසරේ වැඩ ආරම්භය සිදුවිය.
ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ කාර්යාල තරගාවලිය- 2023
මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම්වල සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරින් ඇගැයීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විය. මෙහිදී ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ කාර්යාල මෙන්ම වසම තුල සිදුකරන ලද සේවාවන්ද සැලකිල්ලට ගෙන ඇගැයීම සිදුකරනු ලැබීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආර්ථික සංවර්ධන නිලධාරින් ඇගැයීමේ වැඩ සටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්යක්ෂ අනුරුද්ධ බණ්ඩාර ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
රිලවුන් වන්ද්‍යාකරණ වැඩසටහන මාතලෙන් ඇරඹෙයි
වගාහානි පාලනය කිරීමේ අරමුණින් රිලා ගහනය පාලනය කිරිම සදහා වන වන්ධීකරණ නියමු වැඩ සටහනක් අද මාතලෙන් ආරම්භ වුණා. මෙම වැඩ සටහන යටතේ රිලවුන් ජීවග්රහයෙන් අල්ලා වන්දීකරණයට ලක්කොට නැවත මුදා හැරීමට නියමිතය. අල්ලාගනු ලබන සතුන් ගිරිතලේ වනජීවී කාර්යාලයට රැගෙන ගොස් එහිදී වන්දීකරණ කටයුතු සිදුකිරීමට නියමිතය. කෘෂීකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතිය අද මාතලේ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ වු අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ අජිතා මානික්‍රම, වනජීවි නිලධාරි නිශාන්ත වේරගල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ. මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂිකා අජිතා මානික්‍රම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - දෙසැම්බර්
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපතිත්වය දරණ බුද්ධ ශාසන, ආගමික සහා සංස්කෘතික නියෝජ්‍ය ආමත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.11 දින පෙ.ව. 9.30ට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
තිස් හතරවන ජාතික සමථ දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික් සමථ සැමරුම් වැඩසටහන
තිස් හතරවන ජාතික සමථ දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික් සමථ සැමරුම් වැඩසටහන 2024.12.10 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විය.
මෙහිදී මාතලේ දිස්ත්‍රික් සමථ මූල මණ්ඩලවල අඛන්ඩව වසර 25ක් සමථකරුවන් ලෙස සේවය කළ නිලධාරින් ඇගැයීමට ලක්කොට සහතිකපත් ප්රදානය කිරීමද මෙදින සිදුවිය. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති වැසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න හා රිස්මිනා රියාල්දීන් යන මහත්ම මහත්මින් හා මාතලේ දිස්ත්‍රික්කයේ සමථමුල මණ්ඩලවල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
මෙහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතා විසින් ලංකාවේ සමථකරන ක්‍රියාවලියේ පසුවිපරම මැයෙන් දේශනයක් ද පවත්වනු ලැබීය.
රැකියා හා වෘත්තීය පුහුණු පොල
මාතලේ දිස්ත්‍රික්කයෙ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදීම හා රැකියාවන් සදහා වන වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීම සදහා සංවිධානය කළ රැකියා හා වෘත්තිය පුහුණු අවස්ථා පොලක් අද (නොවැ. 29) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබීය.
සිතුවිලි සිත්තම් 2024 සහතිකපත් ප්රදානය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කළ සිතුවිලි සිත්තම් 2024 තරගාවලීයේ මාතලේ දිස්ත්‍රික් ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්රදානය ඊයේ (නොවැ 26) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්වුණා.
පාසැල් සිසුන් වැඩිහිටියන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු කාණ්ඩ 10ක් යටතේ මෙම චිත්‍ර හා පෝස්ටර් තරගය පැවැත්වුණා. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවැත් මෙම සහතික පත් ප්රදානය සදහා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් රිස්මිනා රියාල්දීන්, සහකාර දිස්ත්‍රික් ලේකම් රේනුකා බුලනවැව, මාතලේ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ අනුෂ්කා රත්නායක යන මහත්මියන් ඇතුළු සහතික ලාභින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
‘රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට ප්‍රමුඛත්වය දීමට කාලයයි
ජාතික උපදේශන දිනය හා ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමිව මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2024.11.20 දින පැවැත්වුණා. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසහටන පැවැත්විණි.
‘රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට ප්‍රමුඛත්වය දීමට කාලයයි’ යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය මෙවර සමරනු ලැබීය.. මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල මාණ්ඩලික නිලධාරින් වෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී රැකියා තෘප්තිය තුළින් සේවා ඵලාදායිතාවය ඉහළ නංවා ගැනීම සදහා මානසික සෞඛ්‍ය උපදේශනයේ වැදගත් කම යන තේමාව යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය ප්‍රධාන දේශනය පවත්වනු ලැබු අතර චිත්‍ර ගුරු උදේශක ඩබ්.අයි.ඒම්.පී.කේ ඉලංගකෝන් මහතා විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත දේශනයක් පවත්වනු ලැබීය.
76 වන නිදහස් දිනයට සමගාමිව මාතලේ බ්‍රාහ්මණ ඇල ශුද්ධ පවිත්‍ර කිරිමේ හා පැළ සිටුවීමේ වැඩසටහනක්
හැත්තෑ හයවන (76) නිදහස් දින සැමරුමට සමගාමීව මාතලේ බ්‍රාහ්මණ ඇළ දෙපස සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් හා පැළ සිටුවිමේ වැඩසටහන්ක2024.02.02 දින පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාතලේ නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නාලකබණඩාර කෝට්ටේගොඩ මහතාගේ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ශ්‍රමදාන වැඩ සටහන සදහා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහත පෙබරවාරි 4 වෙනි දිනටය යෙදෙන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව මෙම පැළ සිටුවිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.
රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා කණ්ඩායමට
රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ H කාණ්ඩයේ ශුරතාවය දිනාගැනීමට මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. රත්මලානේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදී පසු ගිය 26 දින පැවැති අවසන් මහ තරගයෙන් රාජ්‍ය බුද්ධී අංශ කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම( Matale District State Service Cricket Club - Matale D S ) සමත්විය.
රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රථම වරට ඉදිරිපත් වු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග සියල්ල ජයගනිමින් අපරාජිතව ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයකි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ
මාතලේ සුළු පරිමාණ ව්‍යාවසායකයින්ට බිත්තර රක්වන (incubator) යන්ත්‍ර ප්රදානය කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා ශ්‍රි ලංකා හදබිම අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන කෘෂි සංවර්ධන පහසුකම් සැපැයීමේ වැඩ සටහනේ සමාරම්භය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2024'01'17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැතිවිණි. අග්‍රාමත්‍යවරයා චීනයේ යුනාන් ප්‍රදේශයේ කරනු ලැබු සංචාරකයදී එරට රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව කුකුළු බිතත්ර රක්කවන යන්ත්‍ර සියයක් නොමිලේ ලබාදී තිබේ. එම යන්ත්‍රවලින් කොටසක් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් වෙත ප්රදානය අග්රමාත්යවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම යන්ත්‍රයක් මගින් දින 21කදී එකවර කුකුළු පැටවුන් 180ක් බිහි කිරිමේ හැකියාව තිබේ.
රටේ ග්‍රාමිය ආර්ථීකය ශක්තිමත් කිරීමත්, ළමා මන්දපෝෂණය තත්වයට පිළීයමක් ලෙසත් ග්‍රාමීය මට්ටමින් කුකුළු ගොවිපල ඇති කිරීමට පියවර ගෙන තිබේ. මෙමගින් ඉදිරියේදී මෙම ප්‍රතිලාභින් ව්‍යවසායකයන් බවට පත්කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ඇතුළු මහනජන නියොජිතයන් රාජ්‍ය නිලධාරින්, ප්‍රතිලාභින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 නව වසරේ සමාරම්භය
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 නව වසරේ වැඩ ආරමභය සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩ ආරම්භ කිරිමේ වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩ සමාරම්භ සිදුවිය. ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරිමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමෙන් නව වසරේ වැඩ ආරම්භ සිදුවිය. දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව වසරේ වැඩ සමාරම්භය සිදුවිය.
සමස්ත ලංකා සිසු නිපුණතා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්රදානය
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව නරඹන්න
සමස්ත ලංකා සිසු නිපුණතා තරගයේ ත්‍යාග හා සහතික පත් ප්රදානය බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්රමවික්රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දින පැවැත්විණි.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා සානාරක්ෂක බල මණ්ඩලය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ සමස්ත ලංකා දහම්පාසැල් සිසු නිපුණතා ජාතික උත්සවයේ ත්‍යාග හා සහතිකපත් ප්රදානය පසුගිය දෙසැම්බර් 27 වෙනිදා මාතලේ සංඝමිත්තා බාලිවිද්යාලයේදී පැවැත්විණි.
මෙවර ඒ සදහා මුලු දිවයිනම නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක් පමණ සහභාගි වුහ.
නිපුණතා ඉසව් 41ක් යටතේ ජයග්‍රහකයින් තෝරා ගැනීම සිදු විය..
සමස්ථ ලංකා සිසු නිපුණතා ඇගැයීම මාතලේදී
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව නරඹන්න
බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා සානාරක්ෂක බල මණ්ඩලය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ සමස්ත ලංකා දහම්පාසැල් සිසු නිපුණතා ජාතික උත්සවය පසුගිය දෙසැම්බර් 25 වෙනිදා මාතලේ සංඝමිත්තා බාලිවිද්යාලය පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙවර ඒ සදහා මුලු දිවයිනම නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක් පමණ සහභාගි වුහ.
නිපුණතා ඉසව් 41ක් යටතේ ජයග්‍රහකයින් තෝරා ගැනීමේ තරග අද මාතලේ සංඝමිත්තා බාලිකා පාසැල් පරිශ්‍රයේදී ආරම්භ වුණා .
උත්සවයට සමගාමීව චිත්රප්රදර්ශනයක්ද පැවැති අතර දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහනක් මාතලේ හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තරග සමාරම්භක අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂ බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ද හිමිපාණන් වහන්සේ ඇතුලු මහ සංඝරත්නය, බෞද්ධකටයුතු කොමසාරිස් කීර්ති සිරි බද්දන , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
ඉන්ට්රගිටි අයිකන් අවසන් 12 ට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා තේරී පත්වෙයි
ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රි ලංකා 2022/23 තරගයේ අවසන් 12 අතරට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා තේරී පත්වී තිබේ.
සිය රාජකාරියෙන් ඔබ්බට යමින්, මහජන සුබසෙත උදෙසා ක්‍රියා කරන ශ්‍රී ලාංකේය රාජ්‍ය නිලධාරීන් හට ‘කීර්තිය සහ ප්‍රණාමය’ පුද කරනු වස් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම සුවිශේෂ සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබයි.
බාහිර සහ අභ්‍යන්තර අතපෙවීම්වලට නොනැමී, දූෂණයට එරෙහිව ක්‍රියා කරමින් සිය රාජකාරිය සුපිළිපන් භාවයෙන් යුතුව ඉටු කරන රාජ්‍ය නිලධාරීන් හඳුනා ගැනීම සහ දිරි ගැන්වීම ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහනෙහි අරමුණ වේ.
අකවුන්ටබිලිටි ලැබ් නමැති ගෝලීය සංවිධානයේ මූලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ ඉන්ටග්‍රිටි අයිකන් (සුපිළිපන් ප්රණාම) වැඩසටහන 2018 සිට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන්නකි. තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින රාජ්‍ය නිලධාරීන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් අකවුන්ටබිලිටි ලැබ් ආයතනය ක්‍රියාත්මක වේ.
ඉන්ටග්‍රිට් අයිකන් සම්මාන ප්රදානෝත්සවය අගෝස්තු 17 දින පැවැත්වීමට නියමිතය..

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරින්ට ඵලදායිතා සහතිකයක්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරින් සදහා පැවැත්වු ඵලදායිතා සංකල්ප පිළිබද සහතික පත්‍ර පාඨමාලාවට අදාල සහතිකපත් ප්රදානය පසුගිය(ජුලි) 31 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආකල්ප සංවර්ධනය හා ඵලදායිතාවය, එස් 5 සංකල්පය, ගුණත්වය හා ගුණත්ව කළමනාකරණය, තත්ත්ව පාලන කව, කයිසෙන් හා ගෘහස්ථඵලදායිතාවය යන සංකල්පවලට අදාලව මෙම පාඨමාලාව සකස්කර තිබුණු අතර පාඨමාලාව අවසනයේ පැවැති ලිඛිත පරික්ෂණයෙන් සමත්වු 69 දෙනෙකු සදහා සහතික පත් ප්රදානය මෙහිදී සිදුවිය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා ඒකකය විසින් පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය. සහතික පත් ප්රදානය කිරිම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දි.ලේ. (ඉඩම්) රිස්මිනා රියාල්දීන් , ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සුරංග වර්ෂකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව නරඹන්න




ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ 73 වන උපසම්පදා උළෙල - මාතලේ සුදුගඟ
ශ්‍රි ලංකා රමඤ්ඤ මහ නිකායේ 73 වන උපසම්පදා මහොත්සවය පුරිජ්ජල ශ්‍රි සංගබෝධි පිරිවෙන කේන්ද්‍ර කරගනිමින් මාතලේ බණ්ඩරපොල සුදු ගග මධ්‍යයේ ඉදිකළ සීමා මාලකයේජුලි 20 සිට 27 දක්වා සිදුකරනු ලැබීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මාතලේ බණ්ඩරපොල සුදු ගඟ මධ්‍යයේ සිදුකරන රාමඤ්ඤ මහ නිකායේ උපසම්පදා උළෙලට ඇති සුදානම - වීඩියෝව නරඹන්න - ![]()
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් විෂය භාර නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය වැඩ භාරගැනීම
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන රිස්මිනා රියාල්ඩීන් මහත්මිය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් විෂය භාර අතිරේක දිස්ත්‍රික් ලේකම් වරිය වශයෙන් වැඩ භාරගනු ලැබීය.
වැඩ භාර ගැනීමට අදාල විඩියෝව you tube මගින් නැරඹිම සදහා
වැඩ භාර ගැනීමට අදාල විඩියෝව facebook මගින් නැරඹිම සදහා
සෑම පුරවැසියෙකුටම සිවිල් සහතිකයක් ලබාදීමේ ජංගම සේවයක්
“අලුත් ගමක් අලුත් රටක්” ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ සිවිල් සහතිකයක් නොමැති කමින් පීඩාවටපත් ජනතාවට අදාල සහතික පත් ලබාදීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ජංගම සේවයක් පසුගිය අප්‍රේල් මස 27 දින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ වැඩි විස්තර පහත ලින්ක් භාවිත කරන්න
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඩිජිටල් විශිෂ්ටතා ලෝකඩ සම්මානයක්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කළ 2023 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලෝකඩ සම්මානයෙන් පිදුම්ලැබීය. පසුගිය පෙබරවාරි 28 වන දින කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී මෙම සම්මාන ප්රදානය සිදුවිය. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ කාණ්ඩ හතක් යටතේ සම්මාන ප්රදානය සිදු වු අතර රාජ්‍ය අංශයේ ලෝකඩ සම්මානය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හිමිවිය.
සීඝ්රයෙන් ඩිජිටල්කරණය දක්වා ගමන් කරන ආයතන සහ සාර්ථව ඩිජිටල්කරණය වු ආයතන ඇගැයීම මෙන්ම අනෙකුත් ආයතන ඩිජිටල්කරණය වෙත යොමු කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වේ. මෙම සම්මාන උළෙලේදී ඩීජිටල් කරණයවු පාරිභෝගික ඇත්දැකීම්, ඩිජිටල්කරණයවු නිෂ්පාදන හා සේවා, ඩිජිටල්කරණය වු මෙහෙයුම් පද්ධති, ඩිජිටල්කරණය වු ආයතන, පුර්ණ වශයෙන් පරිවර්තනයවු ආයතන, ඩිජිටල්ස්වරූපයෙන්ම ආරම්භ වු ආයතන හා රාජ්‍ය ආයතන යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානයන් සිදුවිය.
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව You tube හා facebook මගින් නරඹන්න

හැත්තෑපස්වන අභිමානවත් නිදහස් දින උළෙල - මාතලේ
මෙම ප්‍රවෘත්තිය අදාල විඩියෝව
හැත්තෑපස්වන මාතලේ දිස්ත්‍රික් නිදහස් දින උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 04 දින මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේදී පැවැත් විණි. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ හා දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණ
හැත්තෑපස්වන නිදහස් දින උළෙලට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කය පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනුලැබීය. මේ අතර හොදම ගෙවත්ත තේරීම, හොදම රුක්රෝපණ ව්‍යාපෘතිය, හොදම ග්‍රාමීය පුනර්ජිවන කමිටුව, හොදම ශ්‍රමදාන වැඩසටහන ආදී තරග කීපයක්ද පැවැත්විය. මෙහීදී දිස්ත්‍රික් මට්ටමින් ජයග්රහකයන්ට සහතිකපත් ප්රදානය මාතලේ දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උළෙලේදී සිදුවිය. නිදහස් දින උළෙල අලංකාරවත් කළ ආචාර පෙළපාලි හා අනෙකුත් සංස්කෘතිකාංග ඉදිරිපත් දරු දැරියන්ටද සහතික පත්පත් ප්‍රදානයද මෙහිදී සිදුවිය.
සහතිකපත් ප්රදානය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ද බණ්ඩාරනායක, ලුතිනන් කර්නල් ආර්.ජී, රත්නායක යන මහත්ම අතින් සිදුවිය.
75 වන නිදහස් දිනයට සමගාමීව දිස්ත්‍රික් ලේකම් නිල නිවාස පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ
මාතලේ අළුවිහාරේ සංගායනා පෙරහර
හතළිස් අට වන වරට පැවැත්වෙන මාතලේ අළුවිහාරේ සංගායනා පෙරහර (ජනවාරි 05) දා රාත්‍රි 7.00ට වීථී සංචාරය කිරීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. අලි ඇතුන් 05 දෙනෙකු, නර්ථන කණ්ඩායම් 18ක් සහ සංගායනා රථයද සහිතව වීථි සංචාරය කරන මෙවර පෙරහර රාත්‍රි 7.00ට අළුවිහාරස්ථානයෙන් ආරම්භ වී අළුවිහාර හන්දිය, සමන්දාව පාර , සුමංගල මාවත, පාසල් මාවත, සරණංකර මාවත, බිරිදෙවල පාර ඔස්සේ විත් විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
මේ පිළිබදව විස්තර
සංගායනා පෙරහරට සුදානම Face book
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 නව වසරේ වැඩ ආරම්භය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ඇරඹුම facebook
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ඇරඹුමYouTube
මාතලේ ගොවින්ට ගිනි අවිබලපත්ර ලබාදීමේ ජංගම සේවය




මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ජංගම සේවය
2014/2015 අයවැය යෝජනා අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරින්ට ලබාදුන් යතුරු පැදිවල අයිතිය පැවැරීමේ විශේෂ ජංගම සේවයක් දෙසැම්බර් 17 දින පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන සිඳුකරන බව අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා පැවැසීය.
මෙතෙක් යතුරු පැදි තමන්ගේ අයිතියට පවරාගෙන නොමැති නිලධාරීන් තමා සේවය කරන ආයතනයේ ප්‍රධානියා මඟින් ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුවේ. පෙර වර්ෂවල යතුරුපැදී පවරා ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර ගැටළු පවතින අයදුම්පත්වල ගැටළු විසදීමද එදින සිඳුකෙරේ.
නිලධාරීන්ගේ යතුරුපැදි පවරා දීමට අමතරව මෙම ජංගම සේවා වැඩසටහනේදී ලියාපදිංචි සහතිකවල සංශෝධන සිදුකිරීම, වාහන පරීක්ෂා කර, බර සහතික සහ අනන්‍යතා සහතික නිකුත් කිරීම, සියලුම වාහන සදහා පැවරුම් අයදුම්පත් භාරගැනීම, මාර්ග ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම, දීර්ඝ කාලීනව ආදායම් බලපත්‍ර ලබාගැනීමට නොහැකි වු වාහන සදහා නිර්දේශ ලබාදීම, සිලින්ඩර් ධාරිතාවය 50 ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර ලබාගැනීම සදහා අයදුම් පත් භාර ගැනීම ආදිය සිදු කෙරේ.
මීට අමතරව සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සදහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල විශේෂ විභාගයක්ද ජංගම සේවයට සමගාමීව පැවැත්වේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් කෘෂීකර්ම අංශයේ සම්බන්ධීකරණයෙන් අලුවිහාරේ ඉදිකළ හෙළ බොජුන් හළ
කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය රු.මි.12.8ක වියදමින් ඉදිකළ හෙළ බොජුන් හළ පසුගියදා විවෘත කරනු ලැබීය (මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව පහත දිගුවෙන් නරඹන්න)
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඵලදායිතාවයෙන් විශේෂ කුසලතා සම්මානයක්


මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහොත්සවය
මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වෙනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශනය තලාකොලවැවේ සාරානන්ද හිමියන් විසින් පවත්වන ලදී. උත්සවයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැති සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය හිමිකරගත් ජගයග්ර්රාහකයන්ට සහතිකපත් ප්‍රදානයද සිදු කරෙිණි.
මෙම ප්‍රවෘත්තියට අදාලව විඩියෝව face book මගින් නරඹන්න
1848 මාතලේ නිදහස් සටන සමරයි
මාතලේ දිස්ත්‍රික්කයේ ඉන්ධනහල් පරික්ෂාව
මාතලේ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් කීපයක් ඉන්ධන නිකුත් කිරීම නියමිත කිරුම් මිනුම් ප්‍රමිතීන්ට අදාල නොවන බවට පරිභෝගිකයින් සිදුකළ පැමිණිලි සැලකිල්ලට ගත් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය අදාල ඉන්ධන පිරවුම් හල් පරික්ෂාවට ලක්කිරීම සදහා ලබාදුන් නියෝගයට අනුව එම ඉන්ධන පිරවුම්හල් පරික්ෂා කිරිම මෙම 25(ජුලි) දා සිදුවිය. මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පරික්ෂා කිරිම සිදුකළ අතර ඒ් සදහා දිස්ත්‍රික් කිරුම් මිනුම් අංශයේ ස්ථාන භාර නිලධාරි එස් ජයසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.
කිරුම් මිනුම් උපකරණ භාවිත කොට සිදුකළ නියදී පරික්ෂණයේදී සාවද්‍ය මිනුම් වාර්තා නොවිය.
ඉන්දියානු සහනාධාර බෙදාදීම ඇරඹෙයි
ඉන්දියානු සහනාධාර මාතලේටත්
ඉන්දියානු සහනාධාර යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් වෙත බෙදා හැරීම සදහා වන ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගියදා මාතලේ ලගාවිය. මෙම ආහාර ද්‍රව්‍ය අතර සහල් කිලෝ ලක්ෂ පහක් හා කිරිපිටි කිලෝ පහලොස් දහසක් අඩංගු විය. ආහාර තොගය මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය විසින් බාරගෙන දුම්රිය ස්ථානයේ සිටම අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ප්‍රාදේශීය ලේකම්වරු වෙත භාර දීම සිදුවිය. මෙම ආහාර තොගය ගර්භනී මව්වරුන් හා අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල් සදහා බෙදා දිමට නියමිතය.
මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම්) චමිලා අත්පත්තු, සහකාර දිස්ත්‍රික් ලේකම් සම්මානි විජේසුරිය යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
තොරුතුරු අයිතිය පිළිබදව මාතලේ ප්‍රජාමුල සංවිධාන නියෝජිතයින් දැනූවත් කරයි
ගමට තොරතුරු පනත වැඩසටහන යටතේ තොරතුරු පනත මඟින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳව ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ඒ්ප්රියල් තරුණ ජාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දේශන හා සංවාදශීලී වැඩමුළුවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, අධ්යක්ෂ ජනරාල් ආර්.පී. සත්කුමාර, කොමසාරිස්වරුන් වන ජ්‍යෙෂ්ඨ නිතිඥ ජගත් ලියනාආරච්චි, ජ්‍යෙෂ්ඨ නිතිඥ ක්රිසාලි පින්ටෝ සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
මෙම පුවතට අදාල විඩියෝව face book මගින් නරඹන්න


අන්තර්ජාලයෙන් ව්‍යාපාර කිරීමට මාතලේ කාන්තාවන්ට පුහුණුවක්
මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායක කාන්තාවන් සදහා අන්තර්ජාලය ඔස්සේ සිය නිෂ්පාදන හා සේවා අලෙවිකර ගැනීම සදහා වන තාක්ෂණික පුහුණු වැඩ සටහනක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය වැඩ සටහන යටතේ මෙම පූහුණු වැඩසටහන පැවැත්විය. මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායක කාන්තාවන් 100 දෙනෙකු මෙම වැඩසටහන සදහා සහභාගි විය. මෙහිදී face book සමාජ මාධ්‍ය භාවිත කරමින් තම නිෂ්පාදන සදහා පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමත් භාණ්ඩ අලෙවි කරගැනීමත් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම සිදුවිය.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩ සටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් විෂය භාර අතිරේක දිස්ත්‍රික් ලේකම් චමිලා අත්පත්තු මහත්මිය ඇතුළු නිලධාරින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
මෙම පුවතට අදාල විඩියෝව face book මගින් නරඹන්න
මෙම පුවතට අදාල විඩියෝව You Tube මගින් නරඹන්න


මාතලේ සංචාරක කර්මන්තය දියුණු කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර
මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අදාලව සංචාරක ක්ෂේත්රයට අදාල කුසලතා ප්‍රවර්ධන උපායමාර්ගික ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රයේ නියලී සිටින පුද්ගලයින්ගේ කුසලතාවයන් වැඩි දියුණු කිරීම ප්‍රධාන අරමුණ වේ. ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ Skills for Inclusive Growth ව්‍යාපෘතිය මගින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 6ක ක්‍රියාත්මක වන අතර මාතලේ දිස්ත්‍රික්කයට අදාල ක්‍රියාකාරි සැලැස්ම සකස් කීරීම පසුගියදා සිදුවිය. මාතලේ දිස්ත්‍රික් ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හිටපු ජ්‍යේෂ්ඨ මහචාර්ය සුනිල් චන්ද්‍රසිරි මහතා දැනුවත් කිරීමේ දේශනය පවත්වන ලදී.
මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු, සහකාර දිස්ත්‍රික් ලේකම් සම්මානි විජේසුරිය, ව්‍යාපෘතිය භාර නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය




මාතලේ බී ළුණු හෙක්යාර් 3000 කට රසායනික පොහොර
මෙවර යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 3000 ක බී ළුණු වගා කරන ගොවීන් සඳහා රුපියල් මිලියන 127 වැය කරමින් රසායනික පොහොර මෙට්ටික් ටොන් 446 ක් කඩිනමින් ලබා දීමට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවසූවාය.
ඒ අනුව ටි.එස්.ටී. පොහොර මිටියක් රුපියල් 15.000 ක මිලකට සහ එම්.ඕ.පී. පොහොර මිටියක් රුපියල් 16.000 ක මිලකට ලබා දීමට නියමිතය.
රටේ බී ළුණු අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රතිශතයක් මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් කිරීමට අපේක්ෂා කරන බව ද මෙම වසරේ යල කන්නයේ දී දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 3000 ක පමණ බී ළුණු වගා කිරීමට සැලසුම් කොට ඇති බව ද ඇය සදහන් කළාය.
පොහොර බෙදා හැරීමේ කටයුතු පිළිබඳ කළ විමසීමක දී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සරත් විජේකෝන් මහතා සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරියගේ විශේෂ පරිශ්‍රමයකින් ලබාගත් මෙම රසායනික පොහොර ගොවීන් සඳහා නිකුත් කිරීම ආරම්භ කොට ඇති බවත් අපේක්ෂිත වගා ඉලක්ක සපුරා ගැනීමට ගොවින් ක්‍රියා කළයුතු බවත්ය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
යල කන්නයේ මාතලේ කාබනික පොහොර අවශ්‍යතාව 100% සම්පුර්ණයි
මෙවර යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සියයට සියයක්ම සම්පූර්ණ කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ සභාපති මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසූවාය.
ඒ අනුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික දියර සහ ජෛව පොහොර අවශ්‍යතාව 100 % ක් සම්පූර්ණ කොට ඇති අතර එය ලීටර් 305527 ක් වශයෙන් ද කාබනික ගණ පොහොර අවශ්‍යතාව 100% ක් ලෙස සම්පූර්ණ කොට ඇති අතර එය මෙට්ට්‍රික් ටොන් 6879 බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පැවසූවාය.
මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ වගා ඉලක්කය හෙක්ටයාර් 17458 ක් වන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කොට ඇති බැවින් අපේක්ෂිත වගා ඉලක්ක සපුරාගත හැකි යැයි තමා විශ්වාස කරන බව ද ඒ මහත්මිය පැවසූවාය.
මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමේ දී, දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ මෙහෙයවීම යටතේ ජාතික පොහොර ලේකම් කාර්යාලය , හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය, සහ ගොවිජන සේවා දිස්ත්‍රික් කාර්යාලය සහ පොහොර සමාගම්වල ඉහළ දායකත්වයක් ලැබීම අගය කරන බව ද ඇය සදහන් කළාය.
මේ අනුව හදුන්ගමුව හුණුකැට ඇල, පල්ලේපොල, ගලේවෙල, කිඹිස්ස, ලග්ගල, දඹුල්ල, අළුගොල්ල, කෝන්ගහවෙල, වාසලකෝට්ටේ, දේවහුව, හත්තොට අමුණ, බණ්ඩාරපොල, රත්තොට, තැන්න, වේරගම, ඇල්කඩුව, යටවත්ත, උකුවෙල, වාලවෙල, පළාපත්වල, හෙට්ටිපොල, හදුන්ගෙමුව, යන ගොවි ජන සේවා මධ්‍යස්ථාන 23 ක් මගින් ගොවීන් වෙත පොහොර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සරත් විජේකෝන් මහතා පැවසීය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
මාතලේ පාසැල්වල ඩෙංගු බෝවන ස්ථාන පිරීසිදු කිරිමේ වැඩසටහනක්
මාතලේ පාසැල්වල ඩෙංගු බෝවීම වැලැක්වීම හා ආයතන අතර සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණින් ඩෙංගුමර්දන වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා කව මගින් සංවිධානය කරනු ලැබිය. එහි පළමු අදියර ලෙස මාතලේ නගරයේ ශාන්ත තෝමස් විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, සහිරා විද්‍යාලය හා විජය විද්‍යාලය යන විද්‍යාලවල ඩෙංගුමර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙණි. මෙහිදි මෙම පාසැල්වල ඩෙංගු බෝවිය හැකි ස්ථාන පරික්ෂාකරබලා පිරිසිදු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් සිදුකරන ලදී.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ ගෙවතුවල අතිරික්ත නිෂ්පාදන අලෙවි කරගැනීමට අලෙවි පොලක්
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ ගෙවතුවල වගා කරන අතිරික්ත භෝග අලෙවි කිරීම සදහා අලෙවි පොලක් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ( ජුනි 06) ආරම්භ වුණා. ඒ අනුව මෙම අලෙවි පොල සතියේ සෑම සදුදා හා බදාදා දිනකම මධ්‍ය 12.1ත00ත් අතර පැවැත්වේ. මෙමගින් නිලධාරින්ගේ ගෙවතුවල අතිරික්ත භෝග නිෂ්පාදන අලෙවිකර ගැනීමට අවස්ථාව සැලසේ. මෙමගින් නිලධාරින් වගාව සදහා උනන්දු කරවීමද අපේක්ෂා කෙරේ.
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට මාතලේ දිස්ත්‍රික්කයේ ගෙවතු වගා සංග්‍රාමය
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව You tube ඔස්සේ නැරඹීමට මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව face book ඔස්සේ නැරඹීමට
ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වයෙන් මධ්‍යම පළාත පුරා ක්‍රියාත්මකකරන වගා ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වගා ප්‍රවර්ධන වැඩසටහනක් ජුනි මස 6 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒහිදී දිස්ත්‍රික් ලේකම් නිල මැදුර පරිශ්‍රයේදී ඒළවලු පළතුරු හා අලවර්ඝ රෝපණය කිරීම සිදුවිය. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) නිශාන්ත කරුණාතිලක අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමීලා අතපත්තු යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට ගිනි නිවිමට පුහුණුවක්
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙතැනින් නරඹන්න )
හදිස්සි ගින්නක් ඇති අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදව පුහුණුවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ගිනි නිවන උපකරණ භාවිතයෙන් ගින්නක් පාලනය කරන ආකාරය පිළිබදව මෙහිදී නිලධාරින් දැනුවත් කළා. මාතලේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධානි සුරිය බණ්ඩාර මහතා විසින් පුහුණුව වැඩසටහන මෙහෙයවනු ලැබුවා. දින දෙකක් පැවැති මෙම පුහුණු වැඩසටහන සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නිලධාරින් 60ක් සහභාගි වි සිටිහ. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවීර මහතා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් මෙම වැඩ මුළු සංවිධානය කරනු ලැබීය.
දඹුල්ල පැල්වෙහෙර සංචාරක නිවස්නය යළි විවෘත වෙයි
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙතනින් නරඹන්න )
සියළු පහසුකම්වලින් සමන්විත නවීකරණය කරන ලද දඹුල්ල සංචාරක නිවස්නය පසුගියදා විවෘත විය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මෙම සංචාරක නිවස්නය කොරෝනා සමයේ අතරමැදි ප්‍රතාකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය අතර නැවත ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගෙන නවීකරණය කරන ලදී. දඹුල්ල පැල්වෙහෙර ආකර්ශනීය ස්ථානයක පිහිටා ඇති මෙම සංචාරක නිවස්නයේ සිට දඹුල්ල රජමහ විහාරය, සීගිරිය, පිදුරංගල, දඹුල්ල කළුදිය පොකුණ වන සෙනසුන, මැණික්දෙන ඇතුළු සංචාරක ආකර්ශනය සහිත ස්ථාන වෙත පහසුවෙන් ළගාවීමේ හැකියාව පවති. ස්වදේශ කටයූතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ප්‍රභාත් අබේවර්ධන මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති විවෘත කිරීමේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක , දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් විජේසුරිය යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි විය. විවෘත කිරිමෙන් අනතුරුව සංචාරක නිවස්නය අවට භුමියේ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
මහතලා පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙතනින් නරඹන්න
ප්රබුද්ධ සංස්කෘතික පදනම, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය, මහ නගර සභාව එක්ව සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය මාර්තු මස 21 වැනිදා සිට 27 දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. දිවයිනේ ප්‍රමුඛතම ප්‍රකාශන ආයතන රැසක ප්‍රදර්ශන කුටි මෙම ප්‍රදර්ශන භුමියේ පිහිටුවා තිබේ. ජනතාවට සහනදායි මිලගණන් හා වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. පොත් ප්‍රදර්ශනයට සමගාමීය ගී රස වින්දන පොත් එලිදැක්වීම්, සාහිත්‍ය සංවාද ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර පෙ.ව. 9.00 සිට රාත්‍රි 10 දක්වා ප්‍රදර්ශනය මහජනතාවට විවෘතව පවති.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
ජාත්‍යන්තර කාන්තා දින මාතලේ දිස්ත්‍රික් සැමරුම
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝ ප්‍රවෘත්තිය මෙම දිගුවෙන් ලබාගන්න
රටකි, දැයකි, ලොවකි, ඇය තේමාව යටතේ මාතලේ දිස්ත්‍රික් කාන්තා දින සැමරුම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (මාර්තු 8) පැවැත්විය. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී මාතලේ හිටපු දිසාපතිනියක වන හෙලන් මීගස්මුල්ල මහත්මිය විසින් මෙහිදී ආරාධිත දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් රැසක් සහභාගි විය. කාන්තා දින සැමරුම් උත්සවයේ ආරාධිත දේශණය සිදුකළ හෙලන් මීගස්මුල්ල මහත්මියට සමරු තිලිණයක්ද මෙහිදී පිරිනමනු ලැබීය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - මාතලේ

නකල්ස් කලාපයේ ඉදිකිරීම් සඳහා අවසර දීමේදී මාතලේ සහ මහනුවර පරිසර අංශ ඒකාබද්ධව විමර්ශනය කළ යුතුයි.
නකල්ස් කලාපයේ ඉදිකිරීම්වලට අවසර දීමේ දී මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පාරිසරික අංශ ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය පැවසූවාය. මෙහිදි නකල්ස් පාරිසරික කලාපයේ ජෛව විවිධත්වයට සහ හරිත කලාපයට බලපෑම් සිදු නොවන පරිදි කටයුතු කිරීමට අදාල පාර්ශව වගබලාගත යුතු බවද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරිය නකල්ස් කලාපයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කඩිනම් කළ යුතු බව ද පෙන්වා දුන්නේය. දිසාපතිවරිය මේ බැව් සඳහන් කළේ ඉකුත් 22 දා මාතලේ දිසාලේකම් කාර්යාලයේ පැවති පාරිසරික නීති ක්යාත්මක කිරීමේ දිස්ත්‍රික් කමිටුව සහ සුරකිමු ගංගා වැඩසටහන පිළිබඳ රැස්වීමකට සහභාගී වෙමිනි.
මෙම කමිටුවේදී අදහස් දැක් වූ ගැපෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්යක්ෂ පරිසරවේදී ගාමිණි ජයතිස්ස මහතා නකල්ස් කලාපයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීම පිළිබඳවත් එම කලාපයේ සිඳුකරන විවිධ ඉදිකිරීම් පිළිබඳවත් කමිටුවේ අවධානය යොමු කරවීය. නකල්ස් කලාපයේ සිදු කරන ඉදිකිරීම් වලදී උරුම සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා රණමුරේ ගඟසෙන් පුර ප්‍රදේශ දුම්බර දේශීය උරුම ආදර්ශ ගම්මාන ලෙස සංරක්ෂණය කළ යුතු බවද ඒ මහතා පේනවා දුන්නේය.
මේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක.අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) චමිලා අතපත්තු.මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ


ගමට මිතුරු පොලිස් සේවයකට - ප්‍රජා පොලිස් ඒකක ....
(මෙම ප්‍රවෘත්තියට අදාල ප්‍රවෘත්තිය විඩියෝව මෙතනින් නරඹන්න )
ප්‍රජාව සහ පොලීසිය අතර වඩා සමීප සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ගම් මට්ටමින් සිදුවන සුළු අපරාධ මුඵමනින්ම වැලැක්වීම සඳහා දිවයිනේ සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීමේ නව වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබේ. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාතයංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ද සහයෝගය ඇතිව ආරම්භ කෙරෙන මෙම වැඩ සටහන යටතේ සෑම ගම්මනායකටම ප්‍රජා පොලිස් සේවය සදහා පුහුණුව ලත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීම නියමිතය.
මීට සමගාමීව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අධික්ෂණයෙන් ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂක වැඩසටහන සහ මහජන ආරක්ෂ කමිටු පිහිටු වීමට ද අපේක්ෂා කෙරෙයි.මේ තොරතුරු අනාවරණය වූයේ ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීම පිළිබඳ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීම සඳහා මෙම 22 දා මාතලේ දිසාලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දීය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය විසින් කැඳවා තිබූ මෙම රැස්වීමේ දී අදහස් දැක් වූ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා පැවසූවේ ශ්‍රී ලංකාව තුළ වසරකට සුළු පරිමාණ වැරදි පිළිබඳ පැමිණිලි ලක්ෂ 15 පමණ වාර්තා වන අතර අභිනවයෙන් පිහිට වන මෙම ප්‍රජා පොලිස් ඒකක පාදක කොටගෙන මෙවැනි පැමිණිලි වලට තුඩුදෙන ග්‍රාමීය මට්මින් සිදුවන කටයුතු නැවැත්වීමට පියවර ගන්නා බවයි.
ග්‍රාමීය මට්ටමමේ පිහිටුවා ඇති සේවා පියස කාර්යාල කේන්ද්‍රෙකාට මෙම ඒකක කාර්යාල ස්ථාපිත කරන බව ද පැවසූ ලේකම්වරයා මහජන ආරක්ෂක කමිටු සඳහා ග්‍රාමීය වශයෙන් පිළිගැනීමක් ඇති පුද්ගයින් පත් කරගැනීමටත් ඒ සඳහා තරුණ ප්‍රජාවේ වැඩි දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසීය. ග්රාමීයව සිදුවන අකටයුතුකම් සහ ගැටළු වාර්තා කිරීමට 1917 අංකය යටතේ මහජන ඇමතුම් පද්ධතියක් ස්ථාපිත කරන බව ද එ මහතා පැවසීය. ප්‍රජා පොලිස් ඒකක නිලධාරීන් මහජන ආරක්ෂක කමිටුවේ කැදවුම්කරුවන් වන අතර ග්‍රාම නිලධාරී , ආර්ථික සංවර්ධන නිලධාරීන්, මෙම කමිටුවේ සම්බන්ධිකරණය කටයුතු සිදු කරයි.
මෙහිදී කතා කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසූවේ අභිනවයෙන් පිහිට වනු ලබන ප්‍රජා පොලිස් ඒකක ගමට මිතුරු සේවාවක් ලෙස ස්ථාපිත කරන බවයි. එම ඒකක වලට පත් කර එවන පොලිස් නිලධාරීන්ට ප්‍රජා පොලිස් කටයුතු පිළිබද විධිමත් පුහුණුවක් සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ද පැවසූ ඒ මහතා ගමේ ජීවත් වෙමින් වඩා සුහදශිලී සේවාවක් ඉටු කරමින් ගමේ ජීවන පරිසරය වඩා යහපත් කිරීම මෙම නිලධාරීන්ගේ වගකීම බවයි.
ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්වරු ,ග්‍රාම නිලධාරීන් සහ කමිටුවට පත් කර ගැනෙන ප්‍රජා නායකයින්ගේ සක්‍රීය දායකත්ව අවශ්‍ය බව ද ඒ මහතා පැවසීය. මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ




මෙම 17 දා පැවැත්වෙන මාතලේ තේරු උත්සවයේ දී චාරිත්‍ර පමණයි
දිස්ත්‍රික්කය තුළ ඕමික්‍රෝන් කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතු කොට ගෙන සෞඛ්‍ය අංශ දුන් උපදෙස් පරිදි මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය ඉතා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවන ආගමික චාරිත්‍රවලට පමණක් සීමා කෙරුණු උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කොට තිබේ.
ඒ අනුව මෙම 17 රාත්‍රී 9. 00 සිට 18 දා පාන්දර 5.00 දක්වා පැවැත්වෙන තේරු රථ විථි සංචාරය කරවීමට තේරු රථ පහ සඳහා කොවිඩි එන්නත් තුනම ලබාගත් බැතිමතුන් 700 දෙනෙකුට පමණක් ඉඩ ලබාදීමට නියමිය.
මෙහිදි තේරු රථ සඳහා පූජා ලබා දීමට කිසිවෙකුටත් ඉඩ නොලැබෙන අතර කෝවිලේ පූජාවට පැමිණෙන බැතැමතුන් කෝවිඩ් එන්නත් තුනම ලබාගෙන ඇති බව තහවුරු කළ යුතුය.එසේ නොපැමිණෙන බැතිමතුන් හරවා යැවීමට සෞඛ්‍ය අංශ සහ පොලිසිය විසන් පියවර ගන්නා අතර එක් වරකට කෝවිල් පරිශ්‍රයට ඇතුවිය හැකි වන්නේ බැතිමතුන් 50 දෙනෙකුට පමණය.
මේ තොරතුරු අනාවරණය වූවේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ තේරු උත්සවය සම්බන්ධයෙන් මෙම 14 මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදීය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ,පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක,මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම් දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය විසින් කැඳවා තිබිණි.
මේ අවස්ථාවට මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්,මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාරක්න,අත්රේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) චමිලා අතපත්තු,ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක,දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ චමින්ද වීරකෝන්,මාතපේ ප්‍රාදේශීය ලේකම් මාදවී හිඳගොඩ මහත්ම මහත්මීන් සහ ශ්‍රී මුත්තු මාරී අම්මාන් කෝවිලේ සභාපති විග්නේෂ්වරා සර්වානන්දම් මහතා ඇතුලු පාලක මණ්ඩල නිලධාරීන් සහභාගී වූහ.
මාතලේ කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට සාකච්ඡාවක්
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙතනින් නරඹන්න
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මාතලේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව සිදුකරන බවත් නිෂ්පාදකයින් තවදුරටත් දිරිගන්වමින් පෙහොර නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට කටයූතු කරන බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පවයසයි. මතලේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබද පසුගිය 11 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පලකළේය. මෙම සාකච්ඡාව සදහා මාතලේ දිස්ත්‍රික්කයේ පොහොර නිෂ්පාදකයින් 60කට අධික පිරිසක් සහභාගි වී සිටිහ.
මෙම අවස්ථාවට එක් වු ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ සරත් විජේකෝන් මහතා ප්‍රකාශකළේ පසුගිය මහ කන්නයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා රුපියල් මිලියන 99ක මුදලක් ගොවින්ගේ ගිනුම්වල තැන්පත් කොට ඇති බවත් පැවසීය.
මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ අජිතා මානික්‍රම යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.
74 වෙනි නිදහස් දිනයට මාතලේ වැඩ සටහන් රැසක්
(මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව මෙතනින් නරඹන්න)
හැත්තෑ හතරවන නිදහස් දින සමරුවට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක විය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ රුක් රෝපන වැඩසටහනක් ඒ 9 මාර්ගයේ තොටගමුව වෙල් යාය අසල දී සිදු කෙරුණි. වීර මොනරවිල කැප්පෙටිපොල පදනම හා මඩුගල්ලේ පදනම මගින් සංවිධානය කළ සැමරුම් වැඩසටහනක් මාතලේ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විය. මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරන ලද සමරු උත්සවය ප්‍රදීපාරාම කන්දේ විහාරස්ථානයේදී ක්‍රියාත්ම වු අතර එහිදී විහාරස්ථානය අසල රුක්රෝපන වැඩසටහනක් හා ජාතිකාභිමාන ගී ප්‍රසංගයක් පැවැත්විණ. මාතලේ දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කළ පාපැදි තරගයක් මාතලේ නගරයෙන් ආරම්භ විය. මාතලේ පැවති සැමරුම් වැඩසටහන් සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටේගොඩ, මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) චමිලා අතපත්තු, මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිදගොඩ යන මහත් මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
අයවැයෙන් වැඩ ලක්ෂයක්. ව්‍යාපෘති 3515ක වැඩ ඇරඹෙයි
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩීයෝව මෙතනින් නරඹන්න)
අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 3515ක වැඩ අද ආරම්භ විය. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය මාතලේ නගරයේ බ්රහාමන ඇල රක්ෂිතය ආශ්‍රිතව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
අද දිවයින පුරා ආරම්භ කෙරෙන ව්‍යාපෘති ලක්ෂයට සමගාමිව මාතලේ දිස්ත්‍රික්කයේ පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති 1111ක් , ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 1370ක් , සමාජ සුභ සාධන ව්‍යාපෘති 612ක් හා පරිසර හා තිරසර සංවර්ධන ව්‍යාපෘති 392ක් අද ආරම්භ විය. අද ආරම්භකළ ව්‍යාපෘති වල වැඩ කඩිනමින් අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපෙක්ෂීත සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාව 7508ක් වේ. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1621කි. මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරි වසමකට රුපියල් ලක්ෂ 30ක මුදලක් වෙන් කොට තිබේ.
අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩ සටහනේ ප්‍රධාන උත්සවය සදහා මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිදගොඩ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගිවිය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට උපකරණ ප්‍රදානයක්
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ආපදා සම්බන්ධයෙන් නිකුත් කරන පුර්ව අනතුරු ඇගැවීමේ නිවේදන මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් වෙත සෘජුව ගෙන යන වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට ආපදා මගින් සිදුවන හානිය අවම කිරිමේ අරමුණින් යුරෝපා මුල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක ඒ්කාබද්ධ ආර්ථික සංවර්ධන වැඩ සටහන මගින් මේ සදහා පහසුකම් සපයා තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට අවශ්‍ය උපකරණ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩ සටහනේ ශ්‍රි ලංකා හා ඉන්දියා ප්‍රාදේශීය කළමනාකරු අභිති ගෝස් මහත්මිය වීසින් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය වෙත අද (පෙබරවාරි 01) දින බාරදීම සිදුවිය. මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත කරුවන්ට ආපදාවලින් සිදුවන හානිය අවම කරගැනීමට අවස්තාව සැලසේ.
උපකරණ බෙදාදීමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවීර, ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩ සටහනේ සම්බන්ධීකාරක කුගේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - මාතලේ


දියර කිරි ප්‍රචලිත කිරිමේ නව වැඩ පිළිවෙලක්
තෘණ භෝගයක් ලෙස වගා කිරීමට හා තෘණ වගා ව්‍යවසායකයින් බිහි කිරිමට කඩිනම් වැඩ පිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පලකළේ පසුගිය 25 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැති 2022 පශු සම්පත් වැඩ සටහ පිළිබදව රාජ්‍ය නිලධාරින් හා දේශපාලන නායකත්වය දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා මේ වසර මැද භාගය වන විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජංගම කිරි අලෙවි රථයක් ආරම්භ කළ යුතු බවත් එමගින් පිටිකිරි වෙනුවට නැවුම් කිරි භාවිතයට ජනතාව හුරුකළ යුතු බවත් පැවැසීය.
මේ වසර සදහා පශු සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනයට විශාල මුදලක් වෙන්කර ඇති බවත් මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සියළු දෙනාගේ දායකත්වය හා කැපවීම අපේක්ෂා කරන බවත් පැවසු ඒ මහතා මේ ක්ෂේත්රයේ නිරත වී සිටින කිරි ගොවින් මෙන්ම නිලධාරින් අභිප්‍රේරණය සදහා දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ ඇගැයීම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවේ දිස්ත්‍රික්කය තුල සත්ව නිෂ්පාදන වැඩි දියුණු කිරීමටත් ප්‍රචලිත කිරිමටත් රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - මාතලේ
මාතලේ අභ්‍යාසලාභි උපාධිධාරින්ට ස්ථිර පත්වීම් ප්රදානය
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙතනින් ලබාගන්න)
රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩ සටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, යටවත්ත හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා 2020/2021 වර්ෂවලදී බදවා ගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් 214 නෙකු සදහා ස්ථිර පත්විම් ලිපි ප්රදානය අද (26) දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි සිදුවිය. අදියර තුනක් යටතේ මධ්‍යම රජයට හා පළාත් රාජ්‍ය සේවයට අභ්‍යාසලාභීන් වශයෙන් බදවා ගන්නා ලද උපාධීධාරින් සදහා ස්ථිර පත්විම් ලිපි ප්රදානය කෙරිණි .
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පාළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.





මාතලේ හෙක්ටයාර් හාර දහසක ලොකු ළූණු වගා කිරීමේ ඉලක්කයක්
මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව හෙක්ටයාර් හාර දහස දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තේජානි තිලකරත්න මහත්මිය පැවැසීය. මේ වනවිට ගොවීන් ලොකු ළූණු වගාවෙන් ඈත්වීමට හේතු සොය බලා ඒවාට කඩිනමින් විසදුම් ලබාදී ගොවින් නැවත ලොකු ළූණු වගාවට යොමු කරවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිසාපතිවරිය පැවැසීය. ගොවීන්ට අවශ්‍ය බීජ, පොහොර හා නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බවත් නිෂ්පාදන ඉලක්ක ලගාකර ගැනීම සදහා කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ සියළු නිලධාරින්ගේ සහය අපේක්ෂාකරන බවත් දිසාපතිවරිය පැවසුවාය. ලොකු ළූණු සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරන බැවින් ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ දැමීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ සදහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් කැපවිමෙන් කටයුතු කරනු ඇති බවත් දිසාපතිවරිය පැවැසීය.
පසුගිය ජන 13 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවනාගාරයේදී පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පළ කළේය.
මේ වන විටත් ගොවීන් එළබෙන කන්නය සදහා අවශ්‍ය ලොකු ළූණු බීජ වසන්තීකරණය සදහා යොමුකොට ඇති බවත් ගොවි සංවිධාන නියොජිතයන් මෙහිදී පෙන්වා දුන්නේය.
මාතලේ කෝවිඩ් වසංගතය පාලනය සදහා එන්නත්කරණ සතියක්
මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සදහා ජන 11 සිට 17 දක්වා විශේෂ කෝවිඩ් එන්නත්කරණ සතියක් ප්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය 7 වෙනි දින සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටු රැස්වමේදී මෙම කෝවිඩ් එන්නත්කරණ සතිය ප්‍රකාශයට පත්කොට තිබේ. ජනවාරි 11 සිට 17 දක්වා වු සතිය තුල දිස්ත්‍රික්කයේ දෙවන කෝවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුන ඉක්මවු සියලු සියලු දෙනාටම කෝවිඩ් තුන්වන එනම් බූස්ටර් මාත්‍රාව ලබාදීමට නියමිතය. මේ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මහ රෝහල, දඹුල්ල මුලික රෝහල, හා ගලේවෙල, මාදිපොල, හෙට්ටිපොල, නාලන්ද, රත්තොට යන ප්‍රාදේශීය රෝහල්වල පෙ.ව. 8.00 සිට රාත්‍රි 8.00 දක්වා කෝවිඩ් බුස්ටර් මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහමියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම කෝවිඩ් පාලන කමිටු රැස්වීම පවත්වනු ලැබීය.
කෝවිඩ් තුන්වන මත්‍රාව (බුස්ටර් මාත්‍රාව) ලබා නොගත් සියලු දෙනාටම ඉහත මධ්‍යස්ථානවලින් බුස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස දිස්ත්‍රික් කෝවිඩ් මර්දන කමිටුව මාතලේ ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2022 නව වසරේ වැඩ ඇරඹුම
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙම දිගුවෙන් ලබාගන්න
කොව්ඩ් සමයේ ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය හා පෞද්ගලික සේවකයාගේ රැකියා අවධානමකට ලක් වුවත් අපේ රටේ රාජ්‍ය සේවකයාට කිසිදු අඩුවක් නොමැතිව වැටුප් ලබා දිමට රජය කටයුතු කළ බවත් එබැවින් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා ජනතාවට විශිෂ්ඨ සේවාවක් සිදු කිරීමට බැදී සිටින බැවින් ඒ සඳහා කැපවී කටයුතු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තේජානී තිලකරත්න මහත්මිය පැවසූවාය.
තමාගෙන් සේවය අපේක්ෂාවෙන් පැමිණෙන මහජනතාවට ගෞරවනීය ලෙස අමාන්ත්රණය කරමින් ඔවුන්ගේ සේවාවන් කඩිනමින් ඉටු කර දීමට සියලුම රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කිසිදු භේදයකින් තොරව කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලේ කිරී උතුරවා, මහ සංඝරත්නය විසින් සෙත් පිරිස් සජ්ජායනය කිරිමෙන් අනතුරුව ජාතික ධජය ඔසවා, රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව 2022 නව වසරේ වැඩ ආරම්භ කිරිමෙන් අනතුරුව පැවැති කෙටි උත්සව සභාව අමතමින් දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පළකළේය.
මාතලේ මහ දිසාවේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොල්ලේ සිලරතන නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත්සජ්ජායන කරන ලදි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ආරම්භ කිරිමේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අත්පත්තු යන මහත්ම මහත්මින් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරින් සහභාගි වුහ.




මාතලේ දිස්ත්‍රික් අභිනව දිසාපතිනිය වැඩ භාර ගනී
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියොව ප්‍රවෘත්තිය මෙම දිගුවෙන් ලබාගන්න
මාතලේ අභිනව දිසාපතිවරිය ලෙස පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන තේජානි තිලකරත්න මහත්මිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22) දින වැඩ භාරගත්තාය. මිල්ලවාන මහවිද්යාලයෙන් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙ ආදි ශිෂ්‍යාවක් වන ඇය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධියත් කැළනිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබා තිබේ. 1993 වසරේ ගුරු වෘත්තියට පිවිසි ඇය 1995 වසරේ ශ්‍රි ලංකා පරිපාලන සේවයට පිවිසියාය. මාතලේ දිස්ත්‍රික් ලේකම් ලෙස පත්විමට පෙර ල්ගගල සහකාර ප්‍රාදේශීය ලේකම් , මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ, මාතලේ හා මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම්, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් , වාරිමාර්ග ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, උතුරු මැද නියොජ්‍ය ප්‍රධාන ලේකම් , උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් යන තනතුරුවල රාජකාරි කටයුතු කර තිබේ. මාතලේ 24 වන දිසාපතිවරිය ලෙස වැඩ බාරගත් ඇය මාතලෙන්ම පත් වු ප්‍රථම දිසාපතිනිය ලෙස ඉතිහාසයට එක්වේ.

මාතලේ ඉඩම් විෂයභාර නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස චමිලා අතපත්තු මහත්මිය වැඩ භාරගනී
මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙම දිගුවෙන් ලබාගන්න
මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් විෂය භාර නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස චමිලා අතපත්තු මහත්මිය පසුගිය 21දින වැඩ භාරගත්තාය. 2006 වර්ෂයේ ශ්‍රි ලංකා පරිපාලන සේවයට පිවිසි ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියත් කැළණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබාගත් ඇය මීට පෙර උතුරු මැද පළාතේ සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස් , පොලොන්නරුව සහකාර පළාත් පාලන කොමසාරිස්, නාඋල සහකාර ප්‍රාදේශීය ලේකම්, ගලේවෙල ප්‍රාදේශීය ලේකම්, ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ, මධ්‍යම පළාත් කර්මාන්ත අධ්යක්ෂ, මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන මෙනෙවියකොමසාරිස් හා රෙජිස්ට්‍රාර් යන තනතුරුවල රාජකාරි කොට තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපලට ගෙනයන නව වැඩ පිළිවෙලක්
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙම දිගුවෙන් නරඹන්න)
මාතලේ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපල වෙත රැගෙන යාම සදහා වු නව වැඩ පිළිවෙලක් පසුගියදා ආරම්භ විය. මෙම වැඩ පිළිවෙලේ ආරම්භයක් වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර ගැනුම් කරුවන් වෙත හදුන්වා දීමේ වෙළද ප්‍රදර්ශනයක් පසුගිය 3 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
දිස්ත්‍රික්කයේ අපනයන කරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම අරමුණුකරගෙන වේවැල් පිත්තල, මැටි ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කොට තිබුණි.
මෙම වැඩසටහන මගින් දිස්ත්‍රික්කයේ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන අලෙවිකරගැනීම සදහා ස්ථාවර වෙළදපලක් නිර්මාණයකර ගැනීමට අවස්ථාව හිමි වු අතර අපනයන කරුවන්ට තම අපනයන අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පසුබිම සකස් විය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ඉෂාන් විජේතිලක යන මහත්වරුන් හා අපනයනය කරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් , රාජ්‍ය අංශයේ පහසුකම් සපයන ආයතන රැසක නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
මාතලේ දිස්ත්‍රික් ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය විවෘත වේ
(මෙම ප්‍රවෘත්තියට අදාල විඩියෝව මෙම දිගුවෙන් නරඹන්න)
එකම ස්ථානයකින් සියළු සේවා සපයාගත හැකි ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යායේදී ආරම්භ විය. මෙම මධ්‍යස්ථානය මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර ලියාපදිංචි කිරීම, අනුමැතිය ලබාගැනීම හා බලපත්‍ර ලබාගැනීම ආදි කටයුතු දුෂ්කරතාවයකින් තොරව ඉටුකර ගැනීමට අවස්ථාව සැලසි තිබේ. යුරෝපා සංගමයේ ආධාර මත මෙම ඒකකය ස්ථාපිත කොට ඇති මෙම ඒකකය One Stop Shop වශයෙන් නම්කර ඇති අතර සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.
නව ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පා.ම. නාලක කෝට්ටේගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ද , මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) නිශාන්ත කරුණාතිලක , අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද සහභාගි විය.
මාතලේ රාජ්‍ය නිලධාරින්ගේ ලිපිගොනු යාවත්කාලීන කිරිමේ වැඩසටහනක්
මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීමේ වැඩ සටහනක් ඊයේ( 17) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. මෙහිදී ක්ෂේත්‍ර නිලධාරි සංවර්ධන නිලධාරි කළමනාකරණ සේවා නිලධාරි, කාර්යාල කාර්ය සහයක සේවක ආදි සේවාවන් වල පෞද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යන නිලධාරින් සම්බන්ධ කරගනිමින් අදාල ලිපිගොනුවල අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට අදාල පියවර ගත් අතර කල් ගිය නොවිසදුනු ගැටලු සදහා දුරකථන මාර්ගයෙන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් විසදුම් ලබාදී ලිපිගොනු යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබීය.
රාජකාරි ගැටළුවලින් තොර සතුටුදායක වැඩ පරිසරයක සේවය කිරීම තුලින් සේවක අභිප්‍රේරණය හරහා මහජනයාට උපරිම සේවාවක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ. දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්ම කිරීමට නියමිත අතර පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්යාරක්ෂීත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩ සටහන සංවිධානය කරතිබුණි .
මෙම වැඩසටහන සදහා මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී,කේ පෙරේරා , අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවි හිදගොඩ සහකාර දිස්ත්‍රික් ලේකම් සම්මානී විජේසුරිය, පරිපාලන නිලධාරින් වන ශිරෝමි හුණුකුඹුර, සුභාෂනි විජේසිංහ යන මහත්ම මහත්මීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිගොනු පවත්වාගෙන යන නිලධාරින් සහභාගි විය.
ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් මාතලේ ඉඩම් ගැටළුවලට විසදුම්
මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොවිසදී ඇති ඉඩම් ගැටළු සදහා ඒකාබද්ධ ප්‍රවේශයක් තුලින් විසදුම් ලබාදීමේ විශේෂ වැඩසටහනක් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවැත්විණි. ඒ අනුව දීර්ඝකාලයක් නොවිසදී පැවති ඉඩම් ගැටළු 15ක් සදහා අදාල පාර්ශව සම්බන්ධ කරගනිමින් විසදුම් ලබා දීම මෙහිදී සිදුවිය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාල වැඩසටහනට මාතලේ ඉඩම් විෂය භාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, පළාත් ඉඩම් කොමසාරිස් ජේ අධිකාරි , ජ්‍යේෂ්ඨ මිනින්දොරු අධිකාරි එච්.ඩී.එන් කල්දේරා, මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිදගොඩ යන මහත් මහත්මීන් සහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් සහභාගි විය.
පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වැඩ සටහන සංවිධානය කර තිබු අතර මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අසිරිමත් මාතලේ (wonderful matale) යු ටියුබ් නාලිකාව සයිබර් අවකාශයට
මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ තොරුතුරු ඇතුලත් සංචාරක ප්‍රවර්ධනය ඉලක්කරගත් අසිරිමත් මාතලේ (wonderful matale) නිල යු ටියුබ් නාලිකාව සයිබර් අවකාශය වෙත මුදා හැරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 දින සිදුවිය. මාතලේ දිස්ත්‍රික්කයේ ෙඑතිහාසික, පුරාවිද්‍යාත්මක, සංස්කෘතිකමය, ආගමික හා පාරිසරික වශයෙන් වැදගත් වන ස්ථාන මෙන්ම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කලාකරුවන් හා සාහිත්‍යවේදීන්, ජන කලාවන්, සාම්ප්‍රදායික වෘත්තීන් ජනශ්රැති හා අස්පර්ශ උරුමයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තොරුතුරු මෙම නාලිකාවට ඇතුලත් කිරීමට සැලසුම් කොට තිබේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඒම්.ජී.කේ පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකයේ නිශාන්ත කරුණාරත්න, ආනන්ද හෝලිය බණ්ඩාර හා නිශාන්ති නිරෝෂනි යන නිලධාරින් විසින් මෙම යු ටියුබ් නාලිකාව නිර්මාණය කොට තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ඇති වටිනාකම් ලෝකය වෙත යාම මෙන්ම සංචාරක ප්‍රවර්ධනය මෙම යු ටියුබ් චැනලය නිර්මාණය කිරීමේ අරමුණු අතර ප්රධානවේ.
පහත සදහන් දිගුවෙන් wonderful matale යු ටියුබ් නාලිකාවට ප්‍රවේශ විය හැකිය. https://www.youtube.com/channel/UCPXVijTAi0UpvHezzSx-ctg

ගොවියාත් ව්‍යාපාරිකයාත් සුරකින හෙළවිරු
ශ්‍රී ලාංකික ගොවියාගේ කෘෂි නිෂ්පාදන ඉතා ප්රශස්ත මිළකට අලෙවි කර ගැනීම මෙන්ම පාරිහෝගිකයාට සාධාරණ මිලකට ඒවා ලබාගැනීමේ අවස්ථාව ලැබෙන පරිදි අනවශ්‍ය අතරමැදියන්ගෙන් තොරව ගොවියා සහ ව්‍යාපාරිකයා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කෙරෙන හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථාන මෘදුකාංගය පසුගිය 06 දා මාතලේ දිස්ත්‍රික්කයට හදුන්වා දෙනු ලැබිණි.
එස්. එල්. ටී මොබිටෙල් ආයතනය සහ ඒපික් ටෙක්නෝලෝජි ආයතනය විසින් හදුන්වා දී ඇති මෙම මෘදුකාංගය මගින් සුහුරු වෙළෙද ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂිතය.
මාතලේ මහා දිසාපති / දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතාගේ ඉල්ලීම පරිදි දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ මැදිහත් වීම මත මෙම ඩිජිටල් මෘදුකාංගය දිස්ත්‍රික්කයට හඳුන්වා දෙනු ලැබිණි.
මෙම මෘදුකාංශය භාවිත කිරීමෙන් නිෂ්පාදකයාට පුළුල් වෙළෙදපලකට ඉතා ඉක්මනින් ප්‍රවේශ වීමේ හැකියාව, වෙළෙදපල ඉල්ලුම අනුව නිෂ්පාදන ඉහළ මිලකට අලෙවිකර ගැනීම, අනවශ්‍ය අතරමැදියන් ඉවත් කිරීම, නිශ්චිත පාරිහෝගික ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය ලබා දීමේ හැකියාව, ලංසු තැබීම හෝ වෙන්දේසි කිරීම හරහා තරගකාරි මිලගණන් ලබාගැනීම ,කෘෂි කාර්මිකණය සහ මූල්‍ය ආධාර, කෘෂි රක්ෂණය රජයේ සහනාධාර, උපදේශන සේවා ලබාගැනීම. බීජ සහ පොහොර අවශ්‍යතා ඉටුකරගැනීම සහ නිෂ්පාදන ප්‍රවාහනය ඇතුලු කරුණු ගණනාවක් පහසුවෙන් ඉටුකර ගත හැකිය.
ඉතා අඩු ගාස්තුවක් යටතේ නිෂ්පාදකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ ප්‍රවාහන සැපයුම්කරුවන්ට , බීජ පොහොර නිෂ්පාදකයින්ට මෙම මෘදුකාංගයේ ලියාපදිංචි විය හැකිය.
මාතලේ දිස්ත්‍රික්කයේ මෙම මෘදුකාංගය ගොවින් සහ ව්‍යාපාරිකයින් වෙත ගෙන යාම සදහා දිස්ත්‍රික්කයේ කෘෂි කර්ම අංශ ගොවිජන සේවා, සහ වසම් මට්ටමේ සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ දායකත්වය ලබාගන්නා බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා මෙහි දී පැවසීය.
මෙහිදි කතා කළ එපික් ටෙක්නෝලොජි ආයතනයේ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා පැවසූවේ. මෙය තවත් පරිගණක මෘදුකාංගයක් පමණක් නොව නිෂ්පාදකයා ව්‍යාපාරිකයා පාරිහෝගිකයා සහ තවත් බොහෝ අංශ එකම වේදිකාවකට ගෙන එන ඩිජිටල් වේදිකාවක් බවයි.
තමාගේ ස්මාට් දුරකතනයට helaviru app භාගත කරගෙන ලියාපදිංචි වීමට දැන් අවස්ථාව ඇත. www.helaviru.lk මෘදුකාංහය පිළිබද වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා 011 2103004 දුරකත අංකය ඇමතීමෙන් හැකි අතර මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් දිස්ත්‍රික් කෘෂි කර්ම අංශය ඇතුළු කෘෂි කර්මාන්තයට සම්බන්ධ ආයතන සහ නිලධාරීන්ගෙන් මේ පිළිබද තොරතුරු ලබාගත හැකිය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නව මෘදුකාංගය හදුන්වාදීමේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ඉෂාන් විජේතිලක, ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ඩිජිටල් සාමාන්‍යාධිකාරී ඉෂාරී සිරිවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මහනුවර) මංගල බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් කලමණාකාරී චතුරිකා බින්දුසාර, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂවරුන් ගොවිජන සහකාර කොමසාරිස් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ජගත් කදුකර දින සැමරුම මාතලේදී
ජගත් කදුකර දිනයට සමගාමිව සැමරුම් වැඩසහනක් මාතලේ නක්ලස් කදුකර වනපෙතේදි සිදුකෙරිණි. ‘කඳුකර ජෛව විවිධත්වය’ යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කඳුකර දිනය සමරනු ලැබීය. ජගත් කදුකර දින සැමරුමට සමගාමීව නක්ලස් කදුපන්තියේ ලග්ගල සුදුගල කන්ද තරණය කිරීමද සිදුවිය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා රාජ්‍ය නොවන පරිසර සංවිධාන විසින් මෙම සැමරුම සංවිධානය කොට තිබුණි.
සමාරම්භක අවස්ථාවේ අදහස් දැක්වු ගැෆෙක් පරිසර සංවිධානයේ අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ දේශගුණික විපර්යාස, තිරසාර නොවන ගොවිතැන් ක්‍රම, වාණිජ පතල් කැණීම්, දැව කැපීම සහ දඩයම් කිරීම වැනි අවාසනාවන්ත කරුණු කිහිපයක් කඳුකර ජෛව විවිධත්වයට විශාල වශයෙන් බලපා ඇති බවයි. මෙම අන්තර්ජාතික කඳුකර දිනය 2020 තේමාව අරමුණු කරන්නේ එවැනි හේතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ නැවැත්වීමට පියවර ගැනීම බව ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.
මෙම කදු තරණය සදහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ උකුවෙල රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් ඇතුලු කණ්ඩායමක් සහභාගි වු අතර සුදුගල කන්ද ඇටන්වල රත්තින්ද හරහා තෙල් ගමු ඔය මැදින් කිලෝමිටර් 14ක පමණ දුරක් තරණය කිරිම සිදු විය.
මෙම අවස්ථාව සදහා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, මාතලේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහාකර අධ්යක්ෂ චමින්ද අමරවිර, නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තන ඉලංගසිංහ, මාතලේ දිසා වන පාලක අයි.එම් ඉළුක්කුඹුර යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.




ෙඑතිහාසික මාතලේ ග්‍රන්ථයේ දෙවන කොටසේ වැඩ ඇරඹෙයි
මාතලේ දිස්ත්‍රික්කය පිළිබඳව තොරතුරු ඇතුළත් 1984දී ප්‍රකාශයට පත් වු ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේ දෙවන කොටසේ සමාරම්භය අතිපුජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 12 දින ආරම්භ විය. මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ෙඑතිහාසික මාතලේ ග්‍රන්ථයේ දෙවන අදියරේ සම්පාදන කටයුතු සිදුවේ. ෙඑතිහාසික මාතලේ ග්‍රන්ථයේ පිටපත් දහසක් නැවත මුද්‍රණය කිරීමටත්, මෙම ග්රන්ථයට ඇතුලත් නොවු සමාජ, ආර්ථික, සංස්කෘතික, ඓතිහාසික තොරතුරු මෙන්ම දිස්ත්‍රික්කයේ පසුකාලින තොරතුරු ඇතුළත් ෙඑතිහාසික මාතලේ දෙවන කොටස ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්තේ සමාරම්භය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.
ෙඑතිහාසික මාතලේ ග්‍රන්ථයේ පිටපත් සොයා ගැනීමට නොහැකි බැවින් ෙඑතිහාසික මාතලේ ග්‍රන්ථය විද්‍යුත් පොතක් බවට පත්කොට අන්තර්ජාලයට මුදාහැරීම සුදුසු බව මෙම සාකච්ඡාවේ මුලාසනය හෙබවු අති පුජ්‍ය ඉනාමළුවේ සුමංගල නායක හිමිපාණන් පැවසුහ.
ඓතිහාසික මාතලේ ග්රන්ථ ප්‍රකාශක මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ මාතලේ හිටපු දිසාපතිවරයෙකු මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයද දැරු අභාවප්‍රාප්ත සිරිල් ගමගේ මහතා ගුණානුස්මරණය කරමින් මහ සංඝරත්නය උදෙසා දානමය පුන්‍ය කර්මයක්ද මෙදින සිදුවිය. එමෙන්ම මෙම ග්‍රන්ථය ප්‍රකාශක මණ්ඩලයේ සමාජිකයෙකු මෙන්ම මාතලේ හිටපු සංස්කෘතික සහකාර අධ්‍යක්ෂවරයෙකු වන සේපාල විජේසුරිය මහතා ඇගැයීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට අතිපුජ්‍ය ඉනාමළුවේ සුමංගල නායක හිමිපාණන් ඇතුළු මහ සංඝරත්නයද, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම.ජී.කේ පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, මාතලේ දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් හා හිටපු දිසාපතිවරයෙකු වු සිරිල් ගමගේ මහතාගේ දූදරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.




මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නව බුදුමැදුරට මුල්ගල් තබයි
දැනට වැඩ අවසන් වෙමින් පවතින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේ නව බුදු මැදුර සදහා මුල්ගල් තැබීම දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 03 වෙනි දින සිදු කෙරුණි. සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක, මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, පුජ්‍ය කොස්ගොල්ලේ සීලරතන නාහිමියන්, මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහලකොටුවේ විමලධම්ම නාහිමියන් ප්රමුඛ වැඩමවා වදාළ මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ පෙ.ව. 9.27ට යෙදුණු සුභ මොහොතින් මුල්ගල් තැබීම සිදුකළේය. මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.




දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සැප්තැම්බර් 15 දින
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම එහි සම සභාපතිත්වය දරණ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ගරු ලලිත් යූ ගමගේ මැතිතුමාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.09.15 දින පෙ.ව. 9.00ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිධුරයේ වැඩ භාරගැනීම
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අගොස්තු 24 දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයේ වැඩ භාරගනු ලැබුවේය. මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනයෙන් අනතුරුව කෝට්ටේගොඩ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයේ වැඩ ආරම්භ කළේය. වැඩ භාර ගැනීමෙන් අනතුරුව වැඩභාර ගැනීමට අදාල ලිපිය මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා වෙත භාර දෙනු ලැබීය. මෙම අවස්ථාටව අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය. වැඩ භාරගැනීමෙන් අනතුරුව මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡාවක්ද පැවැත්විණ.











