රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමේ රජයේ වැඩලිවෙල යටතේ   මාතලේ දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරින් 212 දෙනකු අභ්‍යාසලාභී පුහුණු   නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ දිස්ත්‍රික් උත්සවය 01දා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරුපළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන යටතේ දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරින් 16, 800 ක් අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය 2019 ජුලි 30 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වු අතර එයට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මෙම උත්සවය සංවිධානය විය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, දඹුල්ල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප්‍රියාන් විජේරත්න යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාග වුහ.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ,මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා,අතිරේද දිසාපති ප්‍රසන්න මදනායක යන මහත්වරුන් සහ , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

 

 

g2

g1

 

 

 

 

 

 

 

 

 

g3g6g4g6