මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ඉදිකරන ලද බාර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා සංකීර්ණයේ නව ඉදිකිරිම් රැසක් ජනතා අයිතියට පත්කිරීම හා කෘත්‍රීම ධාවන පථයට මුල්ගල් තැබීම ජුලි මස 18 වන දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානවයෙන් සිදුවිය. අභිනවයෙන් ඉදිකළ අලුවිහාරේ ගෘහස්ථ ක්‍රීඩාංගනය හා පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පවරා දීම, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේ අභිනවයෙන් ස්ථාපිත කරන කෘත්‍රීම ධාවන පථය සදහා මුල්ගල් තැබීම, එඩ්වඩ් පාර්ක් හොකී ක්‍රීඩාංගනයේ මහජන ප්‍රේක්ෂකාගාරයට මුල්ගල් තැබීම මෙදින සිදුවිය.
නව කෘත්‍රීම ධාවන පථය ඉදිවීමත් සමග දේශීයව පැවැත්වෙන ජාතික මට්ටමේ තරග මාලාවන් මාතලේදී පැවත්වීමට හැකියාව ලැබේ. විශේෂයෙන් කොළඹින් පිටත ඉදිවන ප්‍රථම කෘත්‍රීම ධාවන පථය මෙය වේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ,  මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා  යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

0204 

 

 

 

 

 

0301