71 වන ජාතික දින උත්සවයට සමගාමීව  මාතලේ දිස්ත්‍රික්කයේද  අභිමානවත් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති  බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා පවසයි.   යුද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා ආචාර පෙළපාලි සමග මාතලේ පාසැල් කීපයක් නියෝජනය කරමින්  පෙරදිග හා අපරදිග තූර්යවාදක කණ්ඩායම්  25කට අධික ප්‍රමාණයක් ජාතික දිනය  වර්ණවත් කිරීමට නියමිතය.    මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ  සිසුවියන්  ලංකාවේ විශාලතම  ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් අලංකාර සංදර්ශනයක්  ඉදිරිපත් කිරිමට  සැලසුම් කොට තිබේ. 

උත්සවයේ සමාරම්භය පෙබරවාරි 4 වෙනි දින පෙ.ව. 8.00 ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී  සිදුවන අතර ආචාර පෙළපාලිය එදින පෙ.ව.  9.30 ට එඩ්වඩ් ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී  විලියම් ගොපල්ලව වීදීය ඔස්සේ පැමිණ රෝස විදිය හරහා  ත්‍රීකුණාමල වීදිය ඔස්සේ  නැවැත  එඩ්වඩ් ක්‍රීඩාංගනය දක්වා වීදි සංචාරය කිරීමට නියමිතය. සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු  රාජ්‍ය අමාත්‍ය  රංජිත් අලුවිහාරේ මහතා ප්‍රමුඛ සම්භාවනීය  අමුත්තන් විසින් අචාර පෙළපාලිය පිළිගැනීමට නියමිතය.

ජාතික දිනයට  සමගාමීව  මාතලේ දිස්ත්‍රික්කයටම විවෘත වු  නිදහස් කුසලාන  අභියෝගතා වොලිබෝල් තරගාවලියක් පැවත්වෙන  අතර එම තරගාවලියේ  කාන්තා හා පිරිමි  අවසන් මහ තරග  ද්විත්වය  ජාතික දින උත්සව දිනයේදී පැවැත්වේ. මීට අමතරව  දේශයේ නිදහස වෙනුවෙන්  සටන් කළ විරුවන් ස්මරණය කරමින් වීර  මොනරවිල කැප්පෙටිපොල පිළිරුවට  පුෂ්පෝපහාර දැක්වීමක්ද  මාතලේ  වීර මොනරවිල  කැප්පෙටිපොළ  ජාතික පදනම මගින් සංවිධානය කොට තිබේ.

 

ndfff