එලඹෙන 71 වෙනි නිදහස් දිනයට සමගාමිව නිදහස් කුසලාන අභියෝග ශුරතා වොලිබෝල්  තරගාවලියක්  මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට තිබේ.  මාතලේ  එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පවැත්වෙන  මෙම තරගාවලිය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ ආයතන, පෞද්ගලික අංශයේ ආයතන හා ක්‍රීඩා සමාජ  නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම්  40ක් සහභාගි විමට නියමිත බව මාතලේ  අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.  කාන්තා හ පිරිම වශයෙන්  තරගාවලි දෙකක් පවැත්වේ. මුලික වටයේ තරග ජනවාරි 29 හා 30 දිනවල පැවැත්වෙන අතර   අවසන් මහ තරගය  පෙබරවාරි 4 වන දින  නිදහස්  උත්සවයට සමගාමීව  මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.