sed

ග්‍රාමීය මට්ටමේ සිටින ව්‍යවසායකයන් හදුනා ගැනීම, දිරි ගැන්වීම, වෙළද පොල සොයා දීම හා පහසුකම් සැලසීම ආදි කටයුතු සදහා දිවයින පුරා ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් පත්කොට ඇති සංවර්ධන නිලධාරින් ගේ සහය ලබාගැනීමේ වැඩපිළිවෙලක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් දියත් කොට තිබේ. මේ යටතේ ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින්ගේ ගැටළු හදුනාගැනීමව, ඔවුන්ගේ නිෂ්පදානවලට ඇති දෙස් විදෙස් වෙළද පොල හදුනාගැනීම හා මග පෙන්වීම, රාජ්‍ය අංශයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරිම, ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවන් පිළිබද දැනුවත් කිරීම, රාජ්‍ය අංශය මගින් සුළුව්‍යාපාරිකයින් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, තුරුණු දිරිය ආදි විවිධ වැඩසටහන් පිළිබද දැනුවත් කිරීම වැනි රාජකාරි කටයුතු සංවර්ධන නිලධාරින් මගින් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩ පිළිවෙලට ග්‍රාම නිලධාරි වසම්වල සේවය කරන සංවර්ධන නිලධාරින්ගේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන වටමඩල නමින් නම් කොට ඇති අතර එහි 25 වෙනි වැඩ සටහන නාලන්දා වටමඩල නමින් නාඋල දී පසුගිය දා පැවැත්විණි. මෙම වැඩ සටහන සදහා ලග්ගල, විල්ගමුව, නාඋල හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සංවර්ධන නිලධාරින් සහභාගි විය.

       මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න, සහකාර අධ්‍යක්ෂ මල්කාන්ති යන මහත්ම මහත්මීන් මෙම දැනුවත් කිරිමේ නාලන්ද වටමඩල වැඩසටහනට සහභාගි වුහ.