නව රජයේ රට හදන සෞභාග්‍යයේ  දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම අරමුණු කරගනිමින් දස විධ ප්‍රතිඥාව ලබාදී, ආගමික වතාවත් වලින් අනුතුරුව   සුභ මොහොතින්  මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

            රට හදන සෞභාග්‍යයේ  දැක්ම  ප්‍රතිපත්ති ප්‍රකාශයට  අදාලව ඵලදායි  පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්  ගුණගරුක , විනය ගරුක  සාධාරණ සමාජයක්  සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ  අරමුණු ජය ගැනීම සදහ වන  දස විධ  ප්‍රතිඥාව  ලබා දීම මෙහිදී සිදුවිය.  මාතලේ දිස්ත්‍රික් ලේකම් ඒස්.ඒම්.කේ.ජී පෙරේරා මහතා විසින්  ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කොට, ප්‍රතිඥාව ලබාදීම සිදුවිය.ඉන් අනතුරුව මාතලේ දිස්ත්‍රික් ලේකම් නිල නිවාස සංකීර්ණයේදී   දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන්  රුක් රෝපණ  වැඩසටහනක් පැවැත්වුණු අතර  මෙහිදී  නා, කුඹුක්, රඹුටන් ඇතුළු විවිධ වර්ගයේ  පැල රැසක් රෝපණය කරන ලදී.  ඉන් අනතුරුව මහ සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කිරිමෙන් අනුතුරු නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.  

            රට ගොඩ නැගිමේදී  විනය හා කාර්යක්ෂම තාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීම වැදගත් බව මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම් කේ.ජී පෙරේරා මහතා පැවසීය.   රාජ්‍ය සේවකයක්  වැඩි කාලයක් ගත කරන්නේ  කාර්යාලය තුල බැවින් සතුටින් කටයුතු කිරීමද වැදගත් බවත්, රාජ්‍ය සේවය ලබාගැනීමට  පැමිණෙන  ජනතාවගේ  කටයුතු  කඩිනමින් ඉටුකර දී  ඔවුන්ද සතුටින් කාර්යාලයෙන් පිටත් කර යැවීම  රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවද  මෙහිදී  දිසාපතිවරයා  පෙන්වා දුන්නේය.

 මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසරේ වැඩ ඇරඹීමේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී මදනායක,  ඉෂාන් විජේතිලක, ප්‍රධාන ගණකාධිකාරි  එස්.තිලකරත්න, සැළසුම් අධ්‍යක්ෂිකා  සජීව විතානගේ ඇතුළු නිලධාරින් සියළු දෙනා සහභාගි වී සිටිහ.

 

12

 

34

5