අප්‍රේල් මස  21 දින සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය පුද්ගලයින්ට  විවිධ ආගමික  චාරිත්‍රයන්ට අනුව පිං පැමිණ වීම හා මාතලේ දිස්ත්‍රික්කයේ සියළු ජාතින් අතර  සහජීවනය  ඇති කිරිමේ අරමුණින් සර්ව ආගමික  සමුළුවක් පසුගිය 2 වෙනි  දින මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී  පැවත්විය. මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.කේ.ජී පෙරේරා  මහතාගේ  උපදෙස් පරිදි  මෙම සමුළුව  කැදවා තිබුණි

දී පසුගිය අප්‍රේල් 21  දින සිදු වු ප්‍රහාරයෙන්  මිය ගිය පිරිස්  සිහි කරමින්  ඒක් ඒක් ආගමික චාරිත්‍රවලට අනුව පිං පැමිණ වීම සිදුකරන ලදී.  මෙහිදි මහ සංඝරත්නය විසින්  මියගිය පිරිස් වෙත  බෞද්ධාගමට අනුව පැන් වඩා පිංපැමිණ වු  අතර අන්‍ය ආගමික වතාවත් ද එහි  සිදු කෙරුණි. එහිදී  අනාගතයේ මෙවැනි සිදුවිමක් සිදු නොවීමට වගබලා ගැනීමට අදාල පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එසේම ජාතීන්අතර  සංහිදියාව ඇති කරගැනීම  මෙන්ම අන්තවාදී කණ්ඩායම්  නීතියේ රැහැනට අසුකර දිමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.

            මෙම අවස්ථාවට මාත‌ලේ දිස්ත්‍රික්කයේ  මහ සංඝයා වහන්සේලා ඇතුළු සර්ව ආගමික  පුජක තුමන්ලා, සංචාරක හා ක්‍රීස්තියානු කටයුතු  රාජ්‍ය ආමත්‍ය  රංජිත් අලුවිහාරේ, කෘෂිකර්ම  නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීණි  රෝහිණි කවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂමන් වසන්ත පෙරේරා,  මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ යන මහත්මහත්මින්, රාජ්‍ය නිලධාරින්   ඇතුළු 600කට අධික පිරිසක් සහභාගිවිය

 sar 2sar 5sar 3sar 1

අතිගරු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මැතුමාගේ  මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ  මතින් නිදහස්  රටක් වෙනුවෙන්  බක්මහ දිවුරුම ට සමගාමීව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද මත්ද්‍රව්‍ය නිවාරණය  පිළීබද වැඩසටහනක් පැවත්විය.   මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.කේ.ජී පෙරේරා මහතා ප්‍රමුඛ නිලධාරින් විසින් මතින්  නිදහස්  රටක්  වෙනුවෙන්  බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දීමෙන් වැඩ සටහන ආරම්භ විය.  මත් ද්‍රව්‍ය නිවාරණයේ වැදගත් කම සම්බන්ධයෙන් මෙහිදී මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා විසින් දේශනයක් පවත්වන ලදී,   Untitled 1Untitled 2

පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශණය හා අනුග්‍රහයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්  2018  ජගත්  කදුකර දින සැමරීමේ ජාතික  උත්සවය 2018.012.11 දින   මාතලේ ලග්ගල දී පැවත්වේ. මෙම කදුකර දින සැමරුම් වැඩසටහනට සමගාමිව දුම්බර කදුකරයේ  ලකේගලට  පිවිසෙන  ප්‍රධාන පිවිසුම් මාර්ගයේ සංචාරකයින් දැනුවත් කිරිමේ පුවරු සවි කිරිම,  දුම්බර වනපෙතේ   විවිධ  දේශගුණික හා පරිසර  පද්ධති  කලාප හදුනා ගැනිමේ පුවරු 9ක් සවි කිරීම,  දුම්බර වන පෙතට ආවේනික  වු ශාක පැල වර්ග සිටුවීම,  සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිමේ අරමුණින්  සොභා සිරිය නැරඹිමේ  පාපැදි සවාරි, දුම්බර වන පෙත පිළිබද නිලධාරින් ඇතුළු පොදු ජනතාව දැනුවත් කිරීම, කිවුලේ වාඩිය,දංදෙණිකුඹුර රණමුරේ වන  මං සංචාරය ඇතුළු විවිධ  වැඩ සටහන් රැසක් සංවිධානය කොට තිබේ

                මාතලේ මහනුවර රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් සංසද,  ශ්‍රී ලංකා සොබා සංසදය, ශ්‍රී ලංකා දේශගුණ හා වනාන්තර ක්‍රියාකාරී ජාලය, දිසාවන කාර්යාලය,  මධ්‍යම පරිසර අධිකාරිය, ලග්ගල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය,  මොරගහකන්ද කළුගග ව්‍යාපෘති කාර්යාලය, මාතලේ සිවිල්සංවිධාන ඇතළු  ආයතන  රැසක්  මෙම වැඩසටහන සදහා දායකවේ.  එමෙන්ම  මාතලේ දඹුල්ල හා හසලක කාර්මි විද්‍යාල සිසුන් නාඋල ඉනාමලුව යොවුන් සේනාංක  අභ්‍යාසලාභින්  ලග්ගල කලාපයේ පාසැල් සිසුන් ගම්වාසින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.Facebook